උණුසුම් පුවත්දේශපාලන

මටත් මාලිමාවෙන් කථා කළා. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කිව්වා

ඒ කිසිවකුට බහුතර බලයක් නැති පුංචි ආණ්ඩු හදන්න ලු

පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමට හවුල් වන්නැ යි සර්වජන බලයට ද ජාතික ජන බලවේගයෙන් ‌හෙවත් මාලිමාවෙන්  ආරාධනා ලැබුුුණු බව පදක්කමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ ය.

ජාතික ජන බලවේගයෙන් ලද  ඒ  ආරාධනාව තමන්   ප්‍රතික්ෂේප කළා යැයි ද  දිලිත් ජයවීර මන්ත්‍රීවරයා  පැවසන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

තමට ඇන්ටිජන් හොරා යයි චෝදනා එල්ල වන නිසා ජාතික ජන බලවේගයේ නාමයට හොඳ නැති වනු ඇතැයි තමන් ඔවුන්ට ප්‍රකාශ කළේ යැ යි ද හෙතෙම ඒ සකාච්ඡාවේ දී බවසන ලදි.