උණුසුම් පුවත්

මත්කරල් ජාවාරම් කළ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වෛද්‍ය නිර්දේශ නොමැතිව තහනම් මත්කරල් (Pre Grab) 89 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක විශේෂ අවි හා උපක්‍රම පොලිස් අධිකාරී කේසර රත්ණවීර මහතාගේ මගපෙන්වීම පරිදි ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව ස්ථාපිත කර ඇති එහි දී ඒකකයෙනි

මේ කුඩු ජාවාරම්කාර කතඅත්අඩංගුවට ගෙන ඇත්තේ හිඹුටාන අභිනවාරාමයේ ස්ථානගත කර සිටින විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 31/B, පුවක්ගහවත්ත, පළවෙනි පටුමඟ, කොළොන්නාව හි දී කළ වැටලීමක දී ය.

වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක විශේෂ අවි හා උපක්‍රම පොලිස් අධිකාරී කේසර රත්ණවීර මහතාගේ මගපෙන්වීම පරිදි ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව ස්ථාපිත කර ඇති එහි දී ඒකකයේ නිලධාරීන් මෙහිලා වෙහෙසී ඇත.