උණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය හා පාතාලය කුමන අයුරකින් හෝ රටින් තුරන් කරනවා – අමාත්‍ය ටිරාන් අලස් මහතා

ට තුළ ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය හා පාතාලය කුමන අයුරකින් හෝ රටින් තුරන් කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා.

පාපන්දු ක්‍රීඩා පුහුණු කඳවුරක් හා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අපරාධ හා මත්ද්‍රව්‍ය වලට තරුණයින් ඇබ්බැහි වීම වළක්වා ගැනීම, පරිගනක හා ජංගම දුරකතනවලට ඇබ්බැහි වු තරුණ කොටස් ඉන් මුදවා ගැනීම මෙන්ම නිරෝගීමත් තරුණ පරපුරක් බිහිකිරීම හා ජාතීන් අතර සුහදතාවක් ඇති කිරීම අරමුණ කර ගනිමින් පාපන්දු වැඩමුළු මාලාවක් නොමිලේ පවත්වනු ලබනවා.

ඒ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ මෙහෙයවීමෙන්. එහි තවත් අදියරක් මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මීට එක්ව සිටියා.

මෙම වැඩමුළුවට සමගාමිව ක්‍රිකට් ක්‍රීඩකයින් වන චාමර සිල්වා හා කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සදහා ද නුවන් ප්‍රදීප් හා අශේන් බණ්ඩාර සහ රැල්ෆ් පියමාල් පොලිස් පරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම ද මෙහිදි සිදුවුණා.

තවත් ක්‍රීඩකයින් පිරිසක් උප පොලිස් පරීක්ෂක තනතුරට බදවා ගැනුනු අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ද මෙහිදි අත්සන් තැබුණා.