උණුසුම් පුවත්

මත්පෙති 10600 තොගයක් – සැකකරුවන් 02 ක් කොටු

මත් කරල්

මෙහෙයුම නාවික හමුදාව හා විශේෂ කාර්ය බළකාය එක්ව යි

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ හා පෙරේදා මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක (10600) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය සහ සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව, පෙරේදා (12) මිහින්තලේ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් තිබූ මත්පෙති (Pregabalin Capsules) සියයක (100) ප්‍රමාණයත් යතුරු පැදියත් සැකකරුත්ත්අ ඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය සහ පොලිස් විශේෂ කාර්ය බලකා උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය එක්ව, ඊයේ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, උරයක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) දසදහස් පන්සියයක (10500) තොගයක් එම ප්‍රදේශයේ ළදු කැළෑවක තිබී සොයා ගෙන ඇත.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 38 ක් වන මිහින්තලේ සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, මිහින්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්පෙති තොගය සහ යතුරු පැදියත් සැකකරුත්හි න්තලේ පොලීසිය වෙතත්, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක්ක රු  සහ මත්පෙති තොගය තලෙයිමන්නාරම පොලීසිය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.