උණුසුම් පුවත්දේශපාලන

මන්ත්‍රී අර්චුනාට මරණීය තර්ජන!?

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙන්නෙකු හා නොහඳුනන දෙන්නෙකු ගේ වැඩක්

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල වී ඇති බවට තෙල්ලිපලෙයි පොලිසියට ඔහු පැමිණිල්ලක් කර ඇත.

වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හා තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු තමාට මෙසේ මරණීය  තර්ජන සිදු කළ බව මන්ත්‍රී  වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා  සිය පොලිසියට  දන්වා  ඇත.

 පසුගිය 24 වැනිදා 119 හදිසි ඇමතුම් ඒකකය හරහා තෙල්ලිපලෙයි පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්  පරීක්ෂණ ආරම්භ වී තිබේ..

 එම පරීක්ෂණවලට අනුව කිසියම් පිරිසක් මන්ත්‍රීවරයාට දුරකථන භාවිත කරමින් මරණ තර්ජනය කරන බවට අනාවරණය වී ඇත.

 පොලිස් නිලධාරීන් මල්ලාකම්, කන්කසන්තුරෙයි මාර්ගයේ පිහිටි මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලයට ගිය ද, එහි කිසිවෙකුත් සිට නැත.

මන්ත්‍රීවරයා කොඩිකාමම්, මීසාලේ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි., ඔහු හෝ ඔහුගේ ඥාතීන් එම කාර්යාලයේ පදිංචිව නොමැති බව පොලිසිය කියයි.

පොලිස් ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථනයට ඇමතුමක් ලබා දී කළ විමසීමකදී, ඔහු ඒ වන විට කොළඹ සිට යාපනය බලා පැමිණෙමින් සිටින බවත් පසුව පොලිසියට පැමිණ සාක්ෂි ලබා දෙන බවත් ප්‍රකාශ කර ඇත.

යාපනයට පැමිණි පසු මේ   පොලිස් ස්ථානයට ගිය  මන්ත්‍රී අර්චුනා මහතා, තමන්ට තර්ජනය කළ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ද ඇතුළත්ව විධිමත් ප්‍රකාශයක් ලබා දී තිබේ.ඉන්පසු  ඔහුගේ පක්ෂ කාර්යාලයට පොලිස් ආරක්ෂාව සැළසීමට පියවර ගෙන ඇත්තේ ය.