ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප දෙයි
රක්ෂිත බන්ධනාගාර ගතව හුන් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ ය.
ඔහු මුදා හරින ලද්දේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යි.
ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා සිටිය දී ර පාසල් දරුවන් උදෙසා පාසල් පොත් බෑග් ලබාදීමට රාජ්‍ය බැංකුවකින් න ලද මුදල් රුපියල් ලක්ෂ 10 ක් සාපරාධී ලෙස පරිහරණය කළේ ය යන චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව නඩු පරා ඇත. උක්ත චෝදනාව නඟමින් නඩුවක් පවරා ඔහු අත්අඩංගුවට ගන්නා ලදුු හේ පසුගිය මාර්තු 27 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාර ගත ව හුන්නේ ය.
(ඡායාරෑපය Lanka C News වෙතින් උපුටා ගන්නා ලදි