උණුසුම් පුවත්කාලීනදේශපාලන

මයුරපාද දරු දැරියෝ ජනාධිපති මන්දිරයත් ජනපති කාර්යාලයත් නරඹති

Vision වැඩසටහනටත් හවුල් වෙති

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය නරඹති

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.