උණුසුම් පුවත්කතු වැකියදේශපාලනවිශේෂාංග

මව්බිමෙහි අනාගතය ඔබ විසින් තීරණය කරනු ලබන්නේ හෙට(21) යි

ඔබ ගේ බුද්ධිමත් තීන්දුවෙන් රටට දැයට සමයට සෙතක් ම වේවා!!! එයයි හෙළදිව අපේ පැතුම!!!!

හෙළදිව් හි හෙවත් මෙසිරිලක නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නමවැනි විධායක ජනාධිපතිවරයා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස්ක් දහස් තුන්සිය පණස් හතර (17140140) දෙනා විසින් තෝරා පත්කර ගන්නට තවත් ඇත්තේ පැය විසිහතරකුත් ටිකක් වැඩි කාල පරාසයකි.   

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් නමදෙනෙක් නාමයෝජනා දුන්හ. එක් අපේක්ෂකයෙක් හදිසියේ වියෝ විය. දැන් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින් තිස් අට දෙනකු ගේ නම් හා සලකුණු ඇත. එය මෙතෙක් පැවති ජනාධිපතිවරණවල දී මුදුණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ලට වඩා දිගින් වැඩි ය. ඒ අතින් අප ලෝකයේ අංක එකට පත්ව හමාර ය.
ජනාධිපති ධූරාපේක්ෂකයින් එච්චර සංඛ්‍යාවක් වූවත් හැබෑ ම සටන ඇත්තේ ප්‍රධාන පක්ෂ තුනක අපේක්ෂකයින් තුන් දෙනකු හා ස්වාධීන අපේක්ෂකයකුත් අලුතින් පිටියට පිවිසි පක්ෂයක රට ප්‍රචලිත ව්‍යවසායකයකුත් අතර ය.

 

සටන සැබවින් ම ඇත්තේ අපේක්ෂකයින් තිදෙනෙකු අතර ය යන දැඩි හැඟීමක් පොදු ජනයා අතර පවතී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස, ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකත් අතර තුන්කොන් හටනක් පවතින බව ජනතා විශ්වාසය යි.
අපි රටක් හැටියට ඉතා බරපතල ගැටලු රැසකට මුහුණ දී තවමත් හිඳිනා පුරවැසියන් වන්නෙමු. ඉකුත් 2022 හවුරුද්දේ ඒ අවාසනාවන්ත තත්ත්වයට රට ඇද වැටුණි. කෙනකුගේ මතය අනුව නං ඇද වැට්ටුවා ය යන්නයි.
ඊට මූලික හේතුවූයේ කොයියම්ම  රටක වුව හට ගන්නා ආර්ථිකයේ හෝදාපාලුව යි. නෙ එසේත්ම් නැත්නනම්  ආර්ථික අර්බුදය යි. මේ අර්බුදය නිසා රට තුළ උග්‍ර ඉන්ධන ිඟයක් ඇති විය. ගෑස් හිඟයක් ඇති විය. මේ හේතු කාරණා නිසා ම සම්ස්ත දේශයේ හෑම ක්ෂේත්‍රයක් ම එක සේ කඩා වැටුණේ ය. ඉදින් ඒවාට විරුද්ධව හටගත් විරෝධතාවන් හි උග්‍රතම අවස්ථාව ලොවට විදහා දක්වමින් රටේ පැන නැංග අරගලය ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති මැඳුරට, ජනපති කාර්යාලයට, අගමැති ගේ අරලියගහ නිල නිවසට, අගමැති කාර්යාලයට දෙගොඩතලා යන මහා ජල ප්‍රවාහයක් සේ කඩා පිනුයේ   නිම කළ නොහැකි කොටි ත්‍රස්තවාදීන් ගේ තිස් හවුරුදු යුද්ධයට මුහුණ දී කොටියන්ගේ සන්නද්ධ අංශය මුළුමණින් ම අතුගා දමා  රසමස්ත දේශයට ම නිදහසේ හුස්මක්ර කටක්මි ගන්න ඉඩ හසර පෑදූ එවක ආරක්ෂක ලේකම්වරයා වූ  ජනපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහු සොවුරු අගමැති මහින්ද රාජපක්ෂත්, ඒ පරපුරේ සෙසු රාජපක්ෂවරුන්ටත් සිදුවූයේ රටෙන් පළා යන්නට ය. නැතිනං සැඟවී සිටින්නට ය. . රාජ්‍ය නායකයා වූ ගෝඨා ලංකාවෙන් පලාගිය හැටි අමුතුවෙන් කිවයුතු නැත
මේ අර්බුදය නිමා කරන්නට හැකිවූයේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීධූරයකට හිමිකම් කියමින් හුන් රනිල් වික්‍රමසිංහට යි.
රටේ පැවති අරාජික තත්ත්වය හමුවේ අන්ත අසරණ වූ පොදු මහජනයා ගේ මුවට වචන සෙට් එකක් ලැබුණි. මුන් දෙසිය විසි පහම එපා කියා යි කියන නරුම වදනයි.
එ කතාව අල්ලලා ගිා.  හැම මිනිසකු ගැහැනියක මෙන් ම, තරුණ තරුණියන් අතර ද සංසරණය වුණේ දෙසිය විසි පහ ම එපා ය උන් හොරු කියා යි. 
සභේදයකින්ගෙ තොරව කපුටු කාක්කාක්ගගග කපුටු කාක්කාක්.... යන උපහාසාත්මක ගායනයක් ද අරගලකරුවන් නිර්මාණය කර ගයද්දී මේ කිසිවක තේරුමක් නොදත් පුංචි දරුවන් ද වැඩිහිටියන් අනුකරණය කළ හැටි මතක නැත්තේ කාට ද? 
හිරු නොබසින අධිරාජ්‍යයේ අධිපතිනිය අණමත සුදුම සුදු අත පැවති රාජ්‍ය බලය කළු සුද්දන් අතට නාමික ව හෝ මාරු වී ගෙවී ගිය හැත්තෑ හය වසරෙහි ම රට කරවූ ඔක්කොම රට හූරා පෙරා ගත්තා මිස කරපු කිසිවක් නැත යන මිත්‍යාවක් ද ආණ්ඩු විරෝධීන්  පතුරුවන්නට පටන් ගත්තේ වසර තුනක පමණ සිටයි. ඒ ටොම් පචය නැගලා ම ගිා. දිගින් දිගට ම නැගලා ගියේ රොකට්ටුවක් වගේ. හැම කඳු මුදනක ම, හැම තැනිතලාවක ම, හැම නිම්ණයක ම, හැම බෝක්කුුවම දෙසිය විසි පහම හොරු ය, මුං  ඔක්කොම්ම පන්නන්න ඕනෑ ය කියන විරෝධතා පාඨය ඉතා ද්වේෂ සහගතව නංවමින්   බෙදා  ද, දීනන් තුඩ තුඩ රැව් දෙන සේ ප්‍රචාරය කරන්නට එහි නිර්මාතෘවරුන් සමත්කම් පෑ බව පෙනුණි.
දැන් අපි ආපහු කතාවට බහිමු. වලංගු ඡන්දවලින් 50% කුත් එකක් හිමිකර ගන්නා වූ පුද්ගලයා ශ්‍රී ලංකාද්වීපයේ විධායක ජනාධිපති ධූරය අත්පත් කර ගනී. ඒ 1978 ජේ. ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කරන ලද දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු පරිද්දෙනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී  ඡන්දදායකයාට ඡන්ද පත්‍රිකාවේ ඇති නම් හිමි ජනාධිපති අපේක්ෂක යින් තුන් දෙනකුට සිය කැමැත්ත දැක්විය හැකි ය.
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ පළමුවැනි අපේක්ෂකයා වත්මන් ජනපති රනිල් ය. රනිල් වික්‍රමසිංහ ය. හේ හටන් බිමට අවතීර්ණ වවූයේ ස්වාධීන අපේක්ෂකයකු හැටියට යි. ලාංකේය දේශපාලන යේ පරිණතම පක්ෂය සේ නැනෙන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඔහු ය. ඒ පක්ෂයේ ලාංචනය අලියා යි. අලියා යනු අපේ රටේ ජාතික වස්තුවකි. හැබැයි සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් නොවී  ඔහු අලියා පිටෙන් බැස ගෑස් සිලින්ඩරයක් කර තබා ගෙන පිටියේ සිල්ප දැක්වූවූඅයුරු පහුගිය ටික දොහේ කාට කාටත් පෙනෙන්නට ඇති.  හැඟෙන්නට ඇති. දකින්නට ඇති. මුහුකුරා ගිය දේශපාලන අත්දැකීම් සම්බාරයකින් හෙබි රනිල් වික්‍රමසිංහ පසුවන්නේ හැත්තෑපස් වැනි වියෙහි ය.
රටේ ජනතාවට ඔහු ජනාධිපති කරන්නට කිසිදු උවමනාවක් ඊට හවුරදු දෙක හමාරකට පෙර තිබුණේ නැත. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්ෂයත් එක්කම කුජීත විණි. ඔහු අබිබවා ඔහු විසින් දේශපාලනයට ගෙනාවා ය කියන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා සේ පාර්ලිමේන්තුවේ අසුන්ගත වුුුණා.
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔහු සේ සමහරු සලකති. සජිත් රනිල් ගේ පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා යි. රනිල් ගේ ඇමති මණ්ඩලයේ ඇමති ධූර ද දැරූවෙකි. නායකත්වය හා ඇති කර ගත් ගැටුම් හේතුවෙන් හේ කණ්ඩායමක් නිර්මාණය කරගෙන සිය පියාණන් වූ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස ද සවිමත් කළ එක්සත් ජාතික පක්ෂයට ආයුබෝවන් කියා බැහැරට විත් සමගි ජන බලවේගය නමින් සපක්ෂයක් තනා ගත්තෙකි. වයසින් හවුරුදු දහ නමයකට ජනපති රනිල්ට වඩා බාලය. ඒ කියන්නේ හවුරුදු පණස් හතෙකි.
විපක්ෂයේ නායකයාට මෙන් ම ජනපති රනිල්ට ද අභියෝගයක් සේ සැලකෙන  අපේක්ෂකයා අනුර කුමාර දිසානායක යි. හේ ජනතා විමුක්ති පෙරමුණෙ නායකයා යි. ඔහු සටන් බිමට පිවිසේ ජාතික ජන බලවේගය නම් පක්ෂයක් ගොඩනංවා ගෙන යි. ඒ පක්ෂයේ ද නායකයා ඔහු ය.   
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ 2000 වසරේ දී ය. හේ ජනතා විමුක්ති පෙරමුණෙ නායකයා බවට පත්වූයේ මහජන මන්ත්‍රීධූරයක් ලැබ හවුරදු දාහතරක් ඉක්ම ගිය තැන යි.
අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග මෙන් ම පශු සම්පත් භාර කැබිනට් ඇමතිවරයා සේ සේවයේ නිරත වූයේ ය. ඉකුත් ජනාධිපතිවරණයේ දී ද සටනට පිවිසියේ ය. ඔහු විතරක් නෙවේ. ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනකු චන්ද්‍රිකා ගේ සාරිපොටේ එල්ලී කැබිනට් ඇමතිවරුන් බවට පත්වූයේ 2004 හවුරුද්දේ දී ය.
තිස්අට වියැති නාමල් රාජපක්ෂ දෙවරක් ම රාජ්‍ය නායකයා සේ ජනවරම් ලද මහින්ද රාජපක්ෂයාණන් ගේ දෙටු පුත්‍රයා යි. හේ ද පාර්ලිමේන්තු වරම් ලද රාජපක්ෂ පරපුරේ සාමාජිකයෙකි. ඔහු ගේ බාප්පා වූ ගෝඨාභය ගේ ඇමති මණ්ඩලයේ ක්‍රීඩා හා යෙෘවන කටයුතු පිළිබඳ ඇමති ධූරය දැරුවේ නාමල් ය.  නාමල් දියවන්නා  හොය තරණය කළේ 2010 මහ මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කොට වැඩිම මනාප දිනා ගෙන යි. පහුගිය මහ මැතිවරණයේ දී හේ තරග නොකළ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිකර ගත් බව යි මතකයේ රැඳි ඇත්තේ.  වෘත්තියෙන් නීතිඥවරයකු වන නාමල් රාජපක්ෂ ‌ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වරයා යි. ඒ ඔහුගේ බාප්පා කෙනකු වන බැසිල් රාජපක්ෂ එකී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව යි.  
මීට අමතරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්  ජනපති පොරයට පිටියට පිවිස සිටිනවා. ඔවුනතර ආණ්ඩු ගණනාවක කැබිනට් ඇමති තනතුරු දැරූ, සති කීපයකට කලින් රනිල් ගේ ආණ්ඩුවේ අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන අමාත්‍ය ධූරයේ සේවය කළ ජනාධිපති නීතිඥ ආචාර්ය  විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු හමුදාපති වරයා යි. හේ 2010 ජනාධිපතිවරණයට තරග කළේ ස්වකීය සේනාධිනායකයා සේ තිස් හවුරුදු යුද්ධයෙන් රටත් ජනතාවත් ගලවා ගන්නට විධානය දුන් මහින්ද රාජපක්ෂ සමඟ ය.
1967 සැප්තැම්බර් මස 18 වැනිදා උපත ලද දිලිත් ජයවීර පොදු මහ ජනයා අතර කීර්තියක් දිනා සිටින්නේ අති සාර්ථක ව්‍යවසායකයකු හැටියට යි. ගාල්ලේ හබදූවේ අඟුළුගහ දී උපන් දිලිත් ගාල්ල සාන්ත ඇලවිෂියස් විදුහලෙන් අකුරු කර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව නීති සිසුවකු සේ අධ්‍යාපනය ලබද්දී එහි ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු සේ කැපී පෙණුනු තරුණයෙකි. හේ සරසවියේ සිටිය දී ම සිය මිතුරියක හා එක්ව වෙළඳ දැන්වීම් ආයතනයක් අරඹා ඉතා සාර්ථක ලෙස එය ගොඩනංවාලන්නට සමත්කම් පෑ වැඩකාරයෙකි. අද වන විට ඔහු සිිලකෙහි අන් කිසිදු ව්‍යාපාරිකායතනයකට දෙවැනි නොවන සේ ව්‍යවසායකයකු සේ සූරවීර කම් පාන්නේ ය.
හෙට ඔබ ත් මාත් මේ හැඳින්වීම් කළ ජනාධිපති ධූරාපෙක්ෂකයින් ගේ කාට හෝ ඡන්ද ය දෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
නමවැනි ජනාධිපතිවරයා සේ ඔටුනු පලඳින්නේ ජනපති රනිල් ද, නැතිනම් විපක්ෂ නායක සජිත් ද, ඒ දෙන්නම නොවන්නේ නම් ජාතික ජන බලවේගයේ අපෙක්ෂක අනුර ද යන්න කාට නම් කිව හැකි ද? ඔවුන් තිදෙනා හා සටන් බිමේ ආයුද ඔසවා සිටින නාමල් ද නැති නම් දිලිත් ද යන්න  කියන්නට උඩ ඉන්න දෙයියන් වත් නොදන්නා බව සහතික ය.   ඒ තරමට ම හෙළදිවේ, හෙළ දෙසේ, ජනාධිපතිවරණ හටන උණුසුම් ය. ඉතා උණුසුම් ය. බෝ උණුසුම් ය. බෝ බෝ උණුසුම් ය. ඉදින්.... ඔබ හෝ මා හෝ ඒ බව කෙසේ නං දැන ගන්න ද?
මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු නොාඉවසිලිවන්තව බලා හිඳින්නට සිදුව ඇත. මොවුන්ගේ කවුරුුුන් ජනාධිපතිවරම් ලබා ජනාධිපති ැඳුරට හෙවත් රාජ මාලිගාවට ගියත් මුහුණ දීමට සිදුවන්නේ එසේ මෙසේ ප්‍රශ්න කන්දරාවකට නම් නොවේ. ප්‍රශ්න ආකරයකට ය.
සිරි ලංකාවේ අපි ලෝකයා අබිමුව හෑල්ලුවට පත්ව සිටින්නෝ වමහ. ඒ ණය නොගෙවන රටක සමාජයක් හැටියට  යි. මේ වන විට අපට අප ගත්තු ණය කන්දරාව රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 103. 9 % කි. ඇමරිකානු ඩොලර් බිලියන 37. 04 ක් ගෙවීමට ඇති විදෙස් ණය යි.
අප හුන්නේ ඍණ ආර්ථිකයක් සතුව යි. ඒ ඍණ ආර්ථිකය වෙනුවට 5. 3%  ක වර්ධනයක් මේ හවුරුද්දේ පළමු කාර්තුව තුළ පෙන්නුම් කරැති කතාවක් කියැ වේ. හැබැයි තවමත් පොදු මහජනයා පසුවන්නේ ආණ්ඩුව විසින් ජන සමාජය ම හූරා පෙරා ගනිමින් සිටින නිසා අමාරුවෙනි. අපහසුවෙනි. පීඩාවකිනි.
1977 බලයට පත් ධාර්මිෂ්ඨර් සමාජයට පින් සිදු වන්නට රටේ දකින්නට ඇත්තේ, අහන්නට ඇත්තේ, අල්ලස් හා දූෂණයෙන් පිරුණු රටකි. ලෝක දූෂක දර්ශකයේ අපට හිමිව ඇති ස්ථානය 115 යි.
අපේ මව්බිමේ බුද්ධිමතුන් උගතුන් රට හැර පියා විදෙස් රාජ්‍යයන් කරා පියා සැලීම මොන තරම් නම් ඛේදවාචකයක් ද?
 අපි ලෝකයාට ණයකාරයන් වී හිඳිමු.  අපේ ආත්මගරුත්වය බින්දුවෙනුත් පහළ ය. මේ ජනාධිපති ධූරාපේක්ෂකයින් පස් දෙනා ම කියන කතාබතා අහන් ඉන්න ඒ ඒ පක්ෂවල සාමාජිකයින්, ආධාරකරුවන්, හිතවතුන් අ්ණුකරණයෙන් යුතුව හුරේ දමමින් හුන්නත් ණය ප්‍රතිව්‍යුහකරණය නිසා නොපෙනෙන ගිනිකඳු යායක් මත සිටින බව කවදා කොහොම තේරුම් ගන්නේ ද යන්න සලකන විට දැනෙන්නේ මහත් බියක්. දුකක්. වේදනාවක්.
මේ දේශපාලනඥයින් ජනපති පුටුව තමන් සතු කර ගන්නට දත කද්දී රටේ පුරවැසියන් විශේෂයෙන් ම ආර්ථික ්ත්‍රය හා සම්බන්ධ  කිසිවකු මේ ගැන  අවධාරණයෙන් බලා සිටින්නෙහි ද?  අපට නං ප්‍රශ්නයකි. විශාල ප්‍රශ්නයකි. මහත් ම මහත් වූ ගැටලුවකි.

ඉදින්! මේ උත්තමයන් වේදිකා මත නැඟ සිය පාක්ෂිකයනට, හිතවතුනට ආධාරකරුවනට දෙසා බාන ලද කතන්තර ඇහෙන විට නම්.....

මේ කවුරුන් බලයට ආවත් ඉදිරි අනාගතය ගෙවන්නට සිදුවන්නේ අති මහත් වේදනාකාරී කටුක අද්දැකීම ගොන්නකට යට වී බව නං සිකුරු ය. මොවුන් පහුගිය සති කීපය පුරා ජනතාවට දුන් ප්‍රතිපත්ත ප්‍රකාශනවල ඇති දේවල් ඉෂ්ට සිද්ධ කරන්නට කාසි පණම පොදි ටිකක් හොයා ගන්නේ කොහොම ද ය්ත් ප්‍රශ්නයකි. වගාඩම්බර කතා කීවට ඔවුන් දේශයේ උන්නතිය උදෙසා අපනයන භාණ්ඩ නිපදවා උතුරා යන තරමේ සම්පත් සයුරක් නොදකින තුරු ම කවුරු න් මොන කයිවාු කෙළ ලා හෝ බලයට එන්න දඟලන  දඟැලිල්ල ! අහෝ   ලක්මවුනි?
කොහොම වුණත් මේ ඍණාත්මක කතාවලින් කාට නං ඵලක් වේ ද? අපි සතුටින් ඉන්න නම් දේශීය කර්මාන්ත කරුවාට අත හිත දීම අප්‍රමාදව කළ වුත්තක් බව පෙන්වා දෙමු.  ගොවියා අතරමැදි කූඨ වෙළෙන්දන් ගෙන් ද මහා පරිමාණ හාල් මෝලුන්ගෙන ද ගලවා ගත යුත්තේ ම ය. ගොවියාගේ දාදිය කඳුළට නිසි වටිනාකමක් ලැබෙන පාලනයකට අත පෙවිය යුතු්තේ ය. ධීවරයා ද  ගොඩනැගිලි ඉදිකරනා, මංමාවත් නිමහම් කරනා කම්කරුවාට කාර්මිකයාට ජීවත්වීමට සරිලන වැටුපක් ලැබෙන පරිද්දෙන්  නීතිරීති සවිමත් කළ යුත්තකි.

බෞද්ධ දර්ශනය මත ඉදිවුණු ලාංකේය ජන සමාජයට හෙළ බොදු සංස්කෘතික උරුමයන් සංවර්ධනයට රැකවරණයට කිසිවකුට හෝ යටනොවී ඉඩහසර පාදා දිය යුත්තේ ම ය. සෙසු ජාතීන් හා ආගමික විශ්වාස දරන්නන්ට නිදහසේ සිය ආගම දහම අනුව කටයුතු කරන්නට ඇවැසි පසුබිම සැකසිය යුත්තේ ම ය.

බාල පරපුර සුරකින්නට, ඇවැසි සියලු වගකීම් ආරක්ෂා කරමින් ඔවුන් රැකබලා ගත යුතු බව හෙට වැඩි මනාපයකින් රට කරවන්න ජනපති පුටුවේ භාරකාරත්වය ගන්නා ජනපතිඳුන්ට ඒ සියල්ල නිසි සේ ඉෂ්ට සිද්ධ කරන්නට රට තුළ සාමය සහෝදරත්වය හා සහයෝගීතාව වැඩෙන පරිද්දෙන් සුදුසු පරිසරයක් ඇති කිරීමේ භාරධූර වගකීම හොඳින් හිතේ ධාරණය කර ගත්තොතොත් යහපති.

දරුවන්ට මුල්තැන හිමිකර දෙන්නේ නම් හෙට දවසේ රටේ භාරකාරත්වය භාර ගන්නට පෙරුම් පුරන ඔවුන් ගේ අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව හැම දරුවකු ම සෞන්දර්යාත්මක කුසලතා නැංවාලන්නේ නම් රටට යහපතකි. වාසනාවකි.

චිරං ජයතු ලක්මව්නි!!!

  ලක්මවුනි!!