ප්‍රනීත යාත්‍රා




මේ දිනවල කොළඹ කොටුව මෝදර කොටහේන ආදී ප්‍රදේශවල කළු පාට වේට්ටයකින් සැරසුණ ඇටමාල දෙකක් හෝ තුනක් කරේ පැළදි, ද්‍රවිඩ පුද්ගලයන් මහා මාර්ගයේ සෙරෙප්පු යුවළක් හෝ නැතුව ගිනිපිට වෙන තාර පොළොවේ කිසිදු පැකිලීමකින් තොරවගමන් කරනු දකින්නට පුළුවන .
කොළඹ පමණක් නොව ද්‍රවිඩ ජාතිකයෙන් බහුලව සිටින ප්‍රදේශවල මෙවැනිම පුරුෂයෙන් ඒ ඒ නගරවලදී දැක ගැනීමට හැකිවනු ඇත. මොවුන් බොහෝවිට දකින්නට ලැබෙන්නේ නොවැම්බර් මාසයේ දාහත් වන දින පැවැත්වෙන කාර්තික උත්සවයෙන් පසුව ය.
සමහර විටක දීපාවලි උත්සවයෙන් පසුව ඔබට මොවුන් වැඩිපුර දැකගැනීමට නොහැකිවනු ඇත.
මෙම ද්‍රවිඩ ජනතාව මෙසේ කැපවී කටයුතු කරන්නේ ඉන්දියාවේහි සබිරිමාල් හි ශ්‍රී ධර්ම ශාස්ත්‍ර දේවාලය වන්දනා කිරීම සඳහාය .
එම දේවාලයට අධිගෘහිත අයියාප්පන් දෙවියන් වන්දනා කර එතුමාණන්ගේ ආශිර්වාදය තමන්ටත්, තමන්ගේ පවුල් වල අයටත්, තමන්ගේ ඥාතීන්ටත් තමන් කරන්නා වූ ව්‍යාපාර, ගොවිතැන් කටයුතු සාර්ථකය ගැනීමත් සඳහා ය.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, පතනම්තින්න දිස්ත්‍රික්කයේ, තිරුවල්ලි ආදායම් කොට්ඨාසයේ, රනි තාලුනි ගම්මානයේයේ අසලින්මෙම වන්දනා ගමන ආරම්භ වෙයි. ඒ මහා ඝන වනාන්තරය මැදින් ය. ස්ථිර පාරක් තොටක් නැති ශුෂ්ක අඩි පාරවල් ඔස්සේ ය.
ඉතාමත් බිහිසුණු ඉන්දියානු ව්යාග්රයෙන් බහුල, පෙරියාර් කොටි රක්ෂිතයේ කඳු පන්ති 18 ක ඉන් වට වී සබරිමාලා ශාස්ත්‍ර දේවාලයේ පිහිටා ඇත.
මෙම දේවාලයට අධිගෘහිත අයියප්පන් දෙවියන්, ශිව දෙවියන්ට දාව, මෝහිනි (මෝහිනී විෂ්ණු දෙවියන්ගේ කාන්තා අවතාරයේ ලෙස සැලකෙයි)
අයියප්පන දෙවියන්, ධර්ම ශාස්ත්‍ර තුමා, මණිකන්දන් තුමන් වශයෙන්දන්ද හැඳින්වෙයි
හින්දු ධර්මය අනුව අයියඅප්පන් දෙවියන් සත්‍යයේ සහ ධර්මිෂ්ඨකමේ දෙවියන් වශයෙන් සලකණු ලැබේ.
එසේම ස්වයංවිනයෙහි හ බ්රහ්මචාරයාවේ දෙවියන් වශයෙන්ද හඳුන්වනු ලැබේ.
මනිකන්දන්, පරම්පරාවේ උපන් අයියප්පන් දෙවියන් රණශූර දෙවියෙකු වශයෙන්ද සැලකේ.
කොටියෙකු මත හිදින අයියා පන් දෙයියන්ගේ ආයුධ දුන්න හා ඊතලය,සහ කඩුව වෙයි. සීනුව ද එතුමන්ගේ සංකේතයක් ලෙස සැලකේ .
එතුමන්ගේ අධුග්රහිත දිනය සෙනසුරාදා වේ.
මෙ නිසා සිකුරාදා දිනයේ සබිරිමලේ අවට ඉතාමත් ජනාකීර්ණ තත්වයට පත්වෙයි.
සබිරිමලේ පත්තනම් තිත්ත සිට කිලෝමීටර් 72 ක් ද, තිවේන්ද්‍රම් පුරම් සිට කිලෝමීටර් 191 ක් ද, කොචින්හී සිට කිලෝමීටර් 219 ක් ඈතින් ද පිහිටා ඇත.
සබිරිමලේ දුෂ්කර වන්දනා ගමන ආරම්භ වීමට සමීපයෙන්ම ඇත්තේ ඒරුමේල් නගරය ය.

හරියටම කියවහොත් වන්දනා ගමන ආරම්භ වන්නේ ඒරුමේක් නගරයට ඈතින් පිහිටි රානී නාලිය ගම්මානයෙනි.
එම ගම්මානයේ සිට සබ්බ සීමාලා වෙත ගමන් කරන මහා වනාන්තරය මැදින් ගමන් කරන ගමන ........ඒරුතු පට්ටා.......යනුවෙන් හැඳින්වේ
අයියාප්පන් දෙවියන් වන්දනා කිරීමේ ගමන ආරම්භ කිරීමට ,අයියාපන් දෙවියන්ගේ සහචරයාවන වාවර් වෙනුවෙන් කැප කරන ලදී නාරි කෝවිලේ ආගමික වත් පිළිවෙත් පවත්වා තමන්ගේ ගමන නිමා කර ආරක්ෂිතව පැමිණීමට ආශ්රීවාද කරන ලෙස කන්නලව් කරති.

එතැන් සිට මහා වනාන්තරය මැදින් කිලෝමීටර් හතළිහක් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ගමන් කර සබිරිමාලා අයියපන් දෙවියන්ගේ ආනුභාවය පවතින ශ්‍රී ධර්ම ශාස්ත්‍රී දේවාලය වෙත ගමන් කළ යුතු ය.
කළු පහැතී වේට්ටි ඇඳගන, කරේ ඇටමාලා පැළඳගෙන. සෙරෙප්පුවක්වත් පය නොලාගෙන, දැඩි කැපවීමක් සිදුකරමින් සබිරිමාලාහි අයියප්පන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට යන මෙම අපූරු වන්දනා නඩ ගැන සිංහල ජනතාව බොහෝ දෙනෙක් දන්නේ නැත.
එනිසා මම මේ ගැන තොරතුරු හපුතලේ කේ. විශ්වනාදන් ස්වාමිගෙන් විමසීමි.
එළවළු ගොවිතැනෙහි යෙදෙන ඔහු කොරෝනා වසරේ හැරුණ විට වසර 25 ක් ම සබිරිමාලා අයියපන් දෙවියන් වන්දනා කිරීමට ගොස් ඇත. එපමණක් නොව ඔහු තවත් හින්දු භක්තියෙන් මෙම ගමන ගෙන යන නඩේගුරෙකි. හින්දු භක්තිමතුන් බොහෝ දෙනකු මෙම වන්දනාගමනට ඔහු රැගෙන ගොස් ඇත
''අයියප්පන් දෙවියන් වන්දනා කිරීමේ ගමනේ මහත් භක්තියකින් දින හතළිස් පහක් වතාවත් පිරීමෙන් සිදුකළ යුතුයි මහානිසංස වන්දනා ගමනක්" කේ .විශ්ව නාදයන් ස්වාමි තම කතාව ආරම්භළේ ය.
නොවැම්බර් මාසයේ දාහත් වෙන දින කාර්ති උත්සවයට පසුව තමයි හින්දු අප ගමනට සූදානම් වෙන්න වතාවත් පුරන්නෙ. මේ දිනවන වන්දනාගමට යෙදෙන අය හැඳිය යුත්තේ කළු පැහැති වේට්ටියකි.. මීටර් දෙක හමාරක් පමණ දිග මෙම කළු පැහැති වේට්ටිය හඳුන්වන්නේ තුණ්ඩු වේට්ටිය යනුවෙනි.
තුණ්ඩු වේට්ටිය වන්දනා ගමනේ රාජකාරී ඇඳුම ය. එයට අමතරව තුන්ඩුවේටියෙන් භාගයක් පමණ කරේ දමා ගත හැක.
අපේ පැරණි ගැමියන් කරේ තුවායක් දමාගෙන ගියා සේ, තුන්ඩු වේට්ටියෙන් භාගයක් පමණ කරේ දමාගෙන ගමන් කළ හැක. මෙම වන්දනා ගමනට උපවාසය සිදුකරන කාලය තුළින් කොණ්ඩය , නියපොතු කැපීම තහනම් ය. අවශ්‍ය නම් මුණි රවුලේ කොනවල් පමණක් කැපිය හැක.
''අයියාපන් දෙවියන් වන්දනා කිරීමට යන වන්දනා ගමන හරි දුෂ්කරයි. වනාන්තරය මැදින් යද්දි කටු උල් ඇනෙනවා.ඒකට පුරුදුවෙන්නෙ අපේ රත් වුණු මහ පාරක් වගේ හැම තැනම සෙරෙප්පු සපත්තු පලඳින්නේ නැතුව යන්නේ........කේ. විශ්වනාදන් සාමි පවසයි.
මෙම උපවාස කාලය තුළ වන්දනාකරුවන් ඇඳක මෙට්ටයක නිදා නොගනිති. රළු පොළොවේ රෙද්දක් එළා කොට්ටයක් නැතුව නිදාගතත යුතු ය. ආහාර උපවාසය ද මෙම වන්දනා ගමනට අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු ය.
ආහාරයට ගන්නේ ඉතාමත් සුළු ආහාරය ප්රමාණයකි. උදේ පාන්දරම සුළු ආහාරයකි. දවල්ට එළවළු ඇතුළත් බත් ස්වල්පයකි. එහිදී ආහාරයට පෙර ආහාර ස්වල්පයක් දේවරූපය ඉදිරියෙන් තැබිය යුතු ය.
රාත්‍රියට ද සැහැල්ලු ආහාරයකි. වන්දනා ගමනට පෙර දින විසිපහක්ම උපවාස ශීලය රැකිය යුතු ය.
අයියාප්පන් දෙවියන් වන්දනාව සඳහා කේරළයට යන වන්දනාකරුවන් උපවාස කාලයේ ආරම්භ කිරීමේදී ඇටමාලා දෙකක් හෝ තුනක් පැළඳිය යුතු ය. අනිවාර්යයෙන්ම දෙකක් පැළඳිය යුතු ය. තුනක් පළඳින්නේ එකක් කැඩී ගියහොත් ඒ සඳහා ය. එනිසා සමහරු ඇට මාලා තුනම පළඳිති. තුල්සි මාලා එකක් හෝදෙකකි එම තුල්සි මාලා පළඳින්නේ අයියප්පන් දෙවියන්ට ගෞරවය සහ එතුමන්ගේ ආරක්ෂා පැතීමට ය අනික වෘත්ත රාධ මාලය ය. එය ශිව දෙවියන් වෙනුවෙන් ය.
උපවාස කාලයේ ආරම්භ කරවන දිනයේ ම මෙම ඇටමාලා නඩේ ගුරාට පළඳවන්නේ නඩේ ගුරාගේ පියා ය. පියා නැතිනම් මව ය. වන්දනා ගමනට එකතු වෙන අනික් වන්දනාකරුවන්ට ඇට මාලා පලදවන්නේ නඩේ ගුරු විසිනි. මෙම ඇටමාලා ගෙල වටා පළඳවන විට ස්තෝත්ර ගායනා සිදුකළ යුතු ය. මෙම කාලය තුළ දුම්පානය මත්පැන් පානය අකැප ය.
සබිරිමලේ අයියප්පන් දෙවියන් වන්දනාවට යන විට සෑම වන්දනාකාරයකුම පූජාවට්ටියක් සෑදිය යුතු ය. එය ඉරුමුඩු පූජා වට්ටිය යනුවෙන් හැඳින්වෙයි. හොඳින් පැසුණු පොල් ගෙඩියක, එහි ඇති පොල් කෙඳි එකක්වත් නොහිටන නොරැඳෙන සේ පිරිසිදු කළ යුතු ය.
පොල් ගෙඩියේ ඉහළ ඇති ඇස් තුනකින් එකක් සම්පූර්ණයෙන්ම ඉවත් ඉවත් කර එහි ඇති පොල් වතුර සම්පූර්ණයෙන්ම හිස්කර, පොල් ගෙඩිය ඇතුළත එළඟි තෙල් වලින් පුරවා එම හිල වැසිය යුතු ය. එයට අමතරව සාම්බ්‍රාණි , තිරුණූල්, සන්දනම්, කුංකුගම්,සූකිරි, රට ඉඳි, ලුණුකුඩු, මුං ඇට... මේවා ග්‍රෑම් දහයේ පැකට් වශයෙන් වෙන වෙනම එකතු කළ යුතු ය.
එයට අමතරව ද්ව්හි ගෙඩියක් බුලත් කොළයක් කහ කෑල්ලක් ද ඇතුළත් විය යුතු ය. මේ සියල්ල අතරට හාල් කිලෝ භාගයක් පමණ ද එකතු විය යුතු ය.
''හින්දු ආගමික චාරිත්‍ර අනුව කෙනෙක් මැරුණම එම මැරුණු කෙනාගේ අසල්වැසියන් හාල් අහුර බාගයක් වගේ මිනියට දානවා. ඒ මියගිය කෙනාගෙන් සමු ගැනීමක් කරන්න.........''කේ. විශ්වනාදන් සාමි අපූරු හින්දු ආගමික චාරිත්‍රයක් විස්තර කළේ ය.

වන්දනා ගමනට යන අයගේ හාල්වට්ටියට හාල් අහුර අහුරක් ගාන අසල්වැසියෝ එකතු කරයි.
ඒ වන්දනාවේ යන පුද්ගලයා ආපසු පැමිණේ ද , නැති ද යන්න නිශ්චිත නැති නිසා ඔහුගෙන් සමු ගැනීමට ය.
මේවා සියල්ලම දාන්නේ ඉරි මුඩි බෑග් එකක ය. එය රෙදි වලින් නිර්මාණය කර ඇත .
නියමිත දේවල් පුරවා ඉරමුඩි බෑගය සකස් කර ගත්විට ඒ හිසේ තබා ගත යුතු ය . බිම තැබීම නොකළ යුතු ය.
ඉරමුඩි බෑගයට දමන ද්‍රව්‍ය ඔළුව දෙපැත්තට වැටී සමබරව පවතී. අතින් අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැත .
එයට අමතරව ඔවුන් මෙම වන්දනා ගමන සඳහා එකතු කරගන්නේ කළු පැහැති තුණ්ඩුවේට්ටි තුනක් පමණකි.

සාමාන්‍යයෙන් සබ්රිමාලය වන්දනාගමනට සූදානම් වෙන කෙනෙකු ඔහුගේ කළු පැහැති වේට්ටියෙන් තුල්සීමාලාවලින් නිරුවත් දෙපයින් හැක.
එනිසා ම කවර තරාතිරමේ රැකියාවක් කළ ද අනික් අය ඔහු ආමන්ත්‍රණය කරන්නේ 'සාමි' යන වචනයෙනි.
මෙම වන්දනා ගමනට සූදානම් වන කොළඹ පිටකොටුවේ නාටමි කෙනෙකුට ද්‍රවිඩ ව්‍යාපාරයකු බර වැඩ පවරන්නේ නැත. සුළු වැඩ පවරා දවසේ සාමාන්‍ය දීමනාව ගෙවනු ලබයි.
මෙම වන්දනා ගමන යෑමට පෙර සෑම වන්දනාකරු වන්දනාකරු යුතුම තමන්ගේ නිවස ඉදිරිපිට පොල් ගෙඩියක් ගසා ගමනට ආශිර්වාද පතයි.
මෙම වන්දනාගමන කාලය තුළ ගෙවැසියන් නිරන්තරයෙන් නිවසේ දේවරූපය ඉද ඉදිරි පිට පොල්තෙල් පහන දල්වා තැබිය යුතුය .එය නිවී නොයෑමට වගබලා ගතයුතුය.
බොහෝ විට ගමන යන්නේ ශ්‍රී ලංකන් ගුවන්යානයකින් කටුනායක සිට චෙන්නයි දක්වා ය. සාමාන්‍යයෙන් එහෙ මුදලින් මේ වෙන්නට රුපියල් 60000 ක් පමණ වෙයි. චෙන්නායි සිට ගමනාන්තයට බසයකින් ගමන්කරයි.
වන්දනා ගමන යෑම සඳහා ඉන්දියාවට වීසා ලබා ගැනීමට අවශ්‍ය නැත. වීසා ගාස්තුවක් අය කරන්නේ ද ද නැත. මෙයට අමතරව වන්දනාගමන යන කෙනෙකු රුපියල් 450ක රක්ෂණයක් ලබාගත යුතුය. එයින් රුපියල් ලක්ෂ දෙකහමාරක රක්ෂන ආවරණයක් ලැබේ.
හජ්ජිවන්දනාව මෙන්ම අයියාප්පන් දිවි වන්දනාව යන සඳහා ගමනද......ප්‍රනීත යාත්‍රා .........යනුවෙන් රජයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
වන්දනාකරුවන්එහි ඇතුළත් කරුණු අනුගමනය කළ යුතුය.
කැලෑව ආරම්භයේ සිට කැලෑව තුළින් කිලෝමීටර හැට එකක් පමණ ගමන් කළ විට සබිරිමාලයේ සී ධර්ම ශාස්ත්‍ර අයියපන් දේවාලයට ළඟා විය හැක. දේවාලය වෙත ළඟා වීමට අරන් ආලේපිත පඩි දොළහක් ඉහලට නැගිය යුතුය. එම පඩි පෙළ නැගීමට පෙර එයට පහළින් ඇති දිය පොකුණෙන් හොඳින් පා සෝදා පිරිසිදු කර ගත යුතුය.
එකොළොස් වන සියවසේ පන්ධාලම් රජු විසින් රාජසේ කරම් නමැති මූර්ති ශිල්පියා විසින් කේරළ ගෘහ නිර්මාණ ශිල්පය අනුව මෙම අයියපන් කෝවිල ගොඩනංවාවා ඇත. අයියාපන් කෝවිල ලෝකය ඇති විශාලතම වාර්ෂික වන්දනා ස්ථානවලින් එකක් ලෙස සැලකේ. සෑම වසරකම මිලියන පහළොවකට වැඩි පිරිසක් මෙම වන්දනා ගමනට සහභාගි වෙති.
අයියාපන් කෝවිල් වන්දනාව වයස අවුරුදු දහයක් පනහක් අතර කාන්තාවන්ට තහනම් ය.
පුණ්වාන්චල් මෝදරවාලී හී භාරතීය ජනතා පක්ෂයේ නිල ප්‍රකාශිකා ප්‍රේරණ තුනරි ඇතුළු දිල්ලියේ හින්දි භාෂාව කතා කරන උතුරු ඉන්දියානු කාන්තා නීතිඥයෙන් පස්දෙනෙකු විසින් නඩුවක් ගොනු කිරීමෙන් පසු කාන්තාවන් සඳහා වූ එම බාධාව 2018 දී ඉවත් විය.
සබිරිමමාලා හි අයියපන් දෙවියන් වන්දනා කළ ප්‍රථම කාන්තා ජනපති දව්පදි මුර්මු (Droupadi Murmu) ඉතිහාසගත වෙයි.
ඇයගේ කෙරෙන සංචාරයේදී සබිරිමාලා සංචාරයට විශේෂ වැදගත්කමක් දුන්නා ය. ඇයගේ සංචාරය සංකේතාත්මකව වැදගත් වන්නේ ඔසප් සිදුවෙන වයස (වයස අවුරුදු 10 සහ වයස අවුරුදු පනහ) කාලය තුළදී කෝවිට ඇතුළුවීමට කාන්තාවන්ට සාම්ප්‍රදායික හෝ තහනම ඉවත් කළ පසු ඒ ඇතුළු වූ මුල්ම තැනත්තිය ඇයවීමය
