උණුසුම් පුවත්

මහනුවර මන්ත්‍රී ඩබලක වලියක්

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රී තුවාල ලබා රෝහලේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේත්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාත්  අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් බවට පත්ව රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

ඔහුගේ පාදයකට තුවාල සිදුවී සැත්කමක් කිරීමට  නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මේ ගැටුම හටගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ දී ය.

මහනුවර ප්‍රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවක දී මෙම අරෝව සිදුව තිබේ.