ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

මහවැලි පුනරුද සතියේ සංවර්ධන වැඩ

නියෝජිතයන් 100 දෙනකු සඳහා දෙමුහුන් කිකිළි පැටවුන්

මිණිපේ සහ විල්ගමුව කොට්ඨාශයේ  මහවැලි පුනරුද සතියේ තුන්වන දිනයේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.  මේ යටතේ මිණිපේ කොට්ඨාශය තුළ තෝරාගත් ගොවිසංවිධාන 60 ක නියෝජිතයන් 100 දෙනකු පමණ සහභාගී කර ගනිමින්, මිණිපේ කොට්ඨාශයේ දුර්වල ගොවි සංවිධාන ශක්තිමත් ගොවි සංවිධාන බවට පත්කිරීමට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වීම ලබාදෙන ලදී. තම ගොවි සංවිධාන බලප්‍රදේශ තුළ ගොවිසංවිධාන නිලධාරීන්ගේ වගකීම් සහ වගකීම් පිළිබඳව මෙන්ම ගොවිසංවිධානය තුළ පවතින අණ පනත් පිළිබඳව පැමිණ සිටි ගොවියන් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කෙරුණි.

පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය යටතේ තෝරාගත් ගොවි සංවිධාන නියෝජිතයන් 100 දෙනකු සඳහා  මහවැලි අධිකාරියේ දායකත්වය යටතේ දෙමුහුන් කිකිළි පැටවුන් ලබාදීම සඳහා අවශ්‍ය පැටවුන්ගේ රෝග හා සමබල ආහාර වේලක් ලබාදීම මගින් වැඩි බිත්තර නිෂ්පාදනයක් ලබා ගැනීම පිළිබඳව හසලක පශු වෛද්‍ය නිලධාරීතුමිය විසින් ජනතාව දැනුවත් කරන ලදී. මේ යටතේ ප්‍රදේශය තුළ  ජනතාව වෙත කිකිළි පැටවුන් 1000 ක් ලබාදීමට නියමිත ය.