උණුසුම් පුවත්

මහා ශිව රාත්‍රී දිනය

අලුත් රටක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගනිමු - විපක්ෂ නායක සජිත් ප්රේමදාස

ප්‍රඥාවෙන් පරිපූර්ණ නීරෝගිමත් පුරවැසි පරපුරක් යනු රටක අභිමානයයි. රටක ජීවනාලියයි. ශිව රාත්‍රී දිනය සමරන මේ මොහොතේ අප රටේ පුරවැසියන් තුළ ද මෝහන්ධකාරය දුරු වී ප්‍රඥාව නැමැති ආලෝකය උදාවී ධන ධාන්‍ය භව බෝග සම්පත් ලැබී අටු කොටු පිරවී ජන ජීවිත යහපත් වේවා යනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමි.එමෙන්ම සාමය, සංහිඳියාව සහ සතුට පිරි මනරම් අලුත් රටක් නිර්මාණය කිරීමේ අභියෝගය මේ රටේ සමස්ත ජනතාවට ජය ගැනීමට  හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

ශිව දෙවියන්ට බැතියෙන් සිදු කරන පුද පූජා තුළින් ආර්ථික, සමාජයීය, ආධ්‍යාත්මික හා නීරෝගිමත් දිවි පෙවෙතෙක් හිමි වන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි.

හින්දු සාහිත්‍යයේත්, ජන සමාජයේත් උත්තම දිනයක් බවට පත්ව ඇති සහ ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් ගෞවරයෙන් බැතියෙන් සමරණු ලබන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

ලොව බලගතුම දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් හාන්දකාරය දුරුකොට ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනාව පෙරදැරිව  ලොව පුරා හින්දු බැතිමතුන් අනාදිමත් කාලයක සිට මහ ශිව රාත්‍රී දිනය සමරනු ලබයි. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් පුද පූජා පවත්වන ධාර්මික මංගල්‍යයක් ලෙසද මෙය සැලකේ. රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි.