උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව මහිංසා නෙත්මි යළිත් පළමු තැනට 2024-06-260 තෙලිතුඩ ආත්මය කර ගත්තී ඇය යි ගෝනාපීනුවල ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.කේ.මහිංසා නෙත්මී ශිෂ්‍යාව සිතුවම් ඇඳීමේ ඇත්තියකි. ඉකුත් පොසොන් පොහොය නිමිත්තෙන් යශෝ ඇකඩමි ආයතනය මඟින් ජාතික මට්ටමෙන් පාසල් වල 10-13 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා මහිංසා නෙත්මි විසින් ඉදිරිපත් කරන ලද චිත්‍රයට පළමු ස්ථානය හිමි වී තිබේ. පැන්සලෙන් මෙන්ම විවිධ වර්ණ උපයෝගී කරගෙන චිත්‍ර ඇඳීමටද හපන්කම් ඇති ඇය පසුගිය වෙසක් සමයේ සාරාලංකාර විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා වෙසක් සුභ පැතුම් පතක් ද නිර්මාණය කර තිබේ.ඇය විසින් සිතුවම් කොට ඇති ලොව ප්‍රකට මොනාලිසා චිත්රයේ ආකෘතිය ද චිත්‍ර ශිල්පී කාගේත් පැසසුමට ලක්වී තිබේ. ජයග්‍රහණය ලබා ඇති ඇය විසින් නිර්මාණය කර ඇති චිත්‍රය. - ලාල් ගොඩගේ - Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සුදුසුකම් ඇති දහම් පාසල් ගුරුවර ගුරුවරියනට සාම විනිසුරු පත්වීම් පිරි නැමීමක් හෙට ගාල්ලේ දී Next Article කව් මිණි වැල්