උණුසුම් පුවත්දේශපාලන මහින්ද ගේ නිල නිවසේ කොටසක ජල සබඳතා විසන්ධි කරලා 2025-02-130 ජල සැපයීම නවතා ඇත්තේ බිල්පත් නොපියවීම නිසා ම ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනමා ඇති නිල නිවසේ ආරක්ෂකයින් වෙනුවෙන් වෙන් කර ඇති ගොඩනැගිල්ලේ ජල සැපයුම ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් විසන්ධි කර ඇත. හිඟ බිල්පත් නොගෙවීම ඊට හේතුව බව කියයි. එම හිඟය රුපියල් ලක්ෂ තුනක් යැ යි ආරංචි මාර්ග කියයි. හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පදිංචි නිල නිවසේ ජල සැපයුමට මෙන් ම සෙසු අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනුයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. ජල සබඳතා විසන්ධි කිරීම කර ඇත්තේ හිටපු ජනාධිපති නිල නිවසේ නොවන බවත් ඔහුගේ ආරක්ෂකයන් රැදී සිටි අසල පිහිටි ආරක්ෂක අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක බවත් ජල සම්පාදන මණ්ඩලය පවසයි . Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රටේ සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්තිය Next Article හිත ලෙඩ කරන බොරු භූතයෝ (මනෝ ව්‍යාධි)