උණුසුම් පුවත්දේශපාලන

මහින්ද ලා බැසිල් ලා රනිල්ට කොකා පෙන්නති

පොහොට්ටුවෙන් පොරපිටියට ජනාධිපති අපේක්ෂකයෙක්!!?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොහොට්ටුවේ නායකයින්ගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂඛයකු ඉදිරිපත් කරන්නට අද (29) හවස තීරණය කොට ඇත.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද හවස නෙළුම් මාවතේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයේ දී රැස්ව මේ තීරණය ‌ගන්නා ලදි.

ස්වාධීන අපේක්ෂකයකු සේ ඉකුත් 26 වැනි දා ජනාධිපතිවරණයට තරග කරන්නට ඇප මුදල් තැන්පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය තමන් ගේ ජයග්‍රහණය උදෙසා ලබා දෙන සේ කරමින් ඉකුත් දා ලිපියක් ද ඔවුනට දෙන ලදි. 
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේ දී කරන්නේ කුමක්ද යන්න නොයෙක් අවස්ථාවල මාධ්‍ය විසින් විමසන ලද හැම විටෙක ම ඔවුන් ගේ නායකයින් පවසන ලද්දේ තම පක්ෂයේ තීරණය ප්‍රකාශ කරන්නේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව යි.
ඉකුත් දවසෙ කරන ලද ප්‍රකාශයකින් ඒම පක්ෂයේ ඇත්තන් සඳහන් කළේ අද මේ සම්බන්ධයෙන් තින්දුවක් ගන්නා බව යි.
එළඹ ඇති තත්ත්වය අනුව පොහොට්ටුව දෙකඩ වනු ඇති බව මේ පිළිබඳ මත පළ කරන දේශපාලන විචාරක අදහසයි. ඊට වත්මන් ආණ්ඩුවේ ඇමති තනතුරු දනා බොහෝ දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට තමන් කැපවන බව පසුගිය කාලය පුරා ප්‍රකාශ කරමින් ඊට අනුකූලව ක්‍රියා කිරීම යි.