උණුසුම් පුවත්දේශපාලන

මහින්දානන්දට යි, නලීන් ෆ්‍රනාන්දුටයි බරපතළ වැඩ ඇති බරපතළ සිර දඬුවම්

නලීන්ට හවුරුදු 25 ක් - මහින්දානන්දට හවුරුදු 10 ක් බැගින්

මහින්දානන්ද අලුත්ගමගේ හා නලීන් ෆ්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙන්නාට කොළඹ මහාධිකරණයෙන් අද (29) හවුරුදු 10 ක හා 25 ක බරපතබ සිර දඬුවම් පමුණුවයි.

ඒ 20215 ජනාධිපතිවරණ සමයේ කරන ලද නීතිවිරෝධී ක්‍රියාවකට වැරදිකරුවන් බව සනාථ කරමිනි.

ජනාධිපතිවරණ කාලයේ කැරම් හා දාම් බෝඩ් තොග දෙකක් ගේ ක්‍රීඩා සංගම්වලට අනීතික අයුරුන් බොදා දී ඇති බවට පවත්වන ලද  නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් ඔවුන් දෙදෙනා එකී වැරද්දට වැරදිකරුවන් බවට තීන්දු කිරීමෙනි.

අල්ලස් කොමිෂම විසින් මොවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් පසු අද උසාවිය විසින් මේ තීන්දුව ගන්නා ලදි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එවක ක්‍රීඩා ඇමතිවරයා වූ අතර නලීන් ෆ්‍රනාන්දු මහතා සතොස හි සභාපතිවරයා විය.
කැරම් බෝඩ් 14, 000 ක තොගයක් ද  දාම්  බෝඩ් 11,000 ක් ද මිලට ගෙන ක්‍රීඩා සංගම්වලට මැතිවරණ අවධියක බෙදා දීම, අධිකරණය විසින් තීන්දු කරන ලද්දේ,  නීති විරෝධී කටයුත්තක් බවට යි.  මොවුන් ගේ මේ අනීතික ක්‍රියාවෙන්, රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුව ඇති බවත් උක්ත සිර දඬුවම්වලට අමතරව දඩ මුදලක් ද නියම කරන ලදි.