උණුසුම් පුවත්කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

මාර්ටින් වික්‍රමසිංහ සූරින්ට අපහාස කළ පාහර ටියුෂන් ගුරාට නීතිමය පියවර

අධාපනවේදීන් හා විද්වතුන් දැඩි ලෙස විමතියට පත්වෙලා

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මෝඩයෙකැ යි සිසුන්ට උගන්වන ටියුෂන් ගුරුවරයකුගේ ආන්දෝලනාත්මක වීඩීයෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින අතර එම ප්‍රකාශයට නීතිමය පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.

සිංහල සාහිත්‍යය පමණක් නොව ජීව විද්‍යාව, පරිණාම වාදය, මානව විද්‍යාව ආදී ක්ෂේත්‍රවලට ද අදාළ ග්‍රන්ථ රාශියක් රචනා කරැති මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මෙසේ මෝඩයකු ලෙස හැඳින්වීම අධාපනවේදීන් හා විද්වතුන් දැඩි ලෙස විමතියට පත්වී සිටිති.  

සමාජමාධ්‍ය අන්තර්ජාල පුළුල් වන විට මෙවැනි ආකාරයේ රටක් නියෝජනය කරන පුද්ගලයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් පාලනයක් අවශ්‍ය වෙන බව ද පෙරේදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

''මෙවැනි ක්‍රියාවන් සඳහා යම් පාලනයක් අවශ්‍යයි. ඒක මාධ්‍ය මර්ධනයක් හෝ භාෂණයේ, ප්‍රකාශනයේනිදහස අහිමි කිරීමක් නෙවෙයි. සමාජයේ පැවැත්ම වෙනුවෙන් යම් නීති පද්ධතියක් උවමනා කරනවා.
රීති නොසලකා, සම්ප්‍රදාය නොසලකා, සමාජය පැවැත්ම නොසලකා එක්කෙනෙක් දෙන්නෙක් කටයුතු කටයුතු කරනවා නම් ඒවාට තමයි නීති තියෙන්නේ" යයි ද නලින්ද ජයතිස්ස ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.