පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා - සජිත්
''පොහොසත් රටක් ලස්සන හෙටක් කියලා ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමාව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් පච පත්‍රිකාවක් වී ඇති බවත් එහි සඳහා පොරොන්දු ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පත්ව ඇති බවත් අයවැය විවාදයේ දී මේ පච පත්‍රිකාව පෙන්ව පෙන්ව විවාදය කළා"
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පොළොන්නරුවේ දී සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයන් සමග පැවැති හමුවකදී එසේ ප්‍රකාශ කළේ ය.
වේදිකාවක් වේදිකාවක් පසා විදුලි බිල තුනෙන් එකකින් එනම් සියයට 33කින් අඩු කරන බවට පවසා බලය ගත් පසු විදුලි බල මණ්ඩලය විදුලි බිල මාස හයකින් අඩු කරන්න නොහැකි බව පවසන විට මහජන උපයෝගීතා කොමිසම ජනතාවගේ ඉල්ලීම සලකා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කරන්න ඇති බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද කිව්වේ මෙවැනිම කතා බවත් කොමිස් මුදල්, බදු ගැන කතා කිය කියා බලය ලැබුණු පසු ඒවා ඉවත් කර දැවැන්ත මිල අඩු කිරීමක් ලබා දෙනවා කිව්වත් තවමත් තෙල් මිල ද අඩු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද උපාධිධාරින්ට එලව එළවා පහර දෙනවා
උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන ආකාරය පවා මාලිමා පොරොන්දු පච පත්‍රිකාවේ තිබෙන බවත් එවැනි කතා කියා උපාධිධාරීන් අන්දවා වංචා කර බලය ලබා ගෙන අද උපාධිධාරීන්ට එලව එළවා පහර දෙන බවත් මාලිමාවේ නායකයන්ගේ රස්සා හදාගෙන තැන හදාගෙන රැකියා දෙන බව පවසා අද වන විට කැරලි මර්දන ඒකක යොදා ගෙන රාජ්‍ය ත්‍රස්තවාදය හරහා පහර දෙන බවත් අයවැය අවසාන සමයේ දින ගණනාවක් පොල්දුව හන්දියේ උද්ඝෝෂණ කළ රැකියා කළ උපාධිධාරීන් අවසානයේ රෝහලේ නතර වූ බවත් මෙවැනි බොරුකාර ජනතාව අන්දවන රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මහජන අධිකරණයට ගෙන යා යුතුයි
පාසල් බදුවලට ගසා ඇති වැට් බදු ආහාර සදහා ඇති බදු ඉවත් කරනවා කිව්වත් ඒවා ඉවත් නොවු බවත් මේ ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් මේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මහජන අධිකරණය වෙත ගෙන යා යුතු බවත් බොරු කියන කප්පිත්තන් වන මේ ආණ්ඩුව ලෝක වාර්තා තබා බොරැ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කෝ ගොවියාට සහතික මිල
අද ගොවියාට සහතික මිල, ආපදා වන්දි, පොහොර සහනාධාර පවා නොලැබෙන බවත් ගොවිය රවටා ඡන්දය ලබා ගෙන අද ගොවියා අනාථ කර ඇති බවත් මේ රජය ජනතාවගේ සහන සීමා කර හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් යන බවත් මොවුන් නව අයි එම් එෆ් ගිවිසුමක් ගෙන එනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුමම කරපිට තබා ගෙන යන බවත් මේ නිසා බහුතර ජනතාව අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නීතිය වල්වැදිලා
අද වන විට නීතිය වල් බිහි වී මැරයන් මිනිමරුවන් කප්පම්කාරයන් සමාජයේ රජකරවන බවත් කාන්තාවන් දරුවන් පුරවැසියන් මේ නිස දැඩි පීඩනයට ලක්ව ඇති නිසා සමාජයට හැරවුම් ලක්ෂයක් මේ පළාත් පාලන මැතිවරණයේදී ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.