උණුසුම් පුවත්දේශපාලන මාලිමාව මහ පාරේ නඩු තීන්දු දෙනවා.. පෙරටුගාමී කාර්යාලය බලෙන් අල්ලගෙන.. 2025-09-030 ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් කියයි ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි ඔහු පැවසීය. ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්රමවේදය මෙය නම් එමඟින්, ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. උපුටා ගැනීම - lanka C news Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පිරිවෙන් සහ දහම් පාසල්හි සිසු සිසුවියන්ගේ සුබසාධනයට ආධාර ලබා ගැනීමට සියක් නමක් භික්ෂූහු පිණ්ඩපාත චාරිකාවක Next Article පිවිතුරු හෙළ උරුමයේ පිරිසක් සජිත් හමුවෙති – ගම්මා අත්අඩංගුවට ගන්න කැසකැවීමක් ගැන කියල