වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අනතුරු ඇගවීමක්

''අපට දැන් දැනගන්න ලැබුණා මාවිල් ආරු සොරොව්ව සම්බන්ධයෙන් යම්කිසි අවදානම් තත්වයක් තියෙන බවට මහජනතාව අතර මතයක් පැතිරිලා තියෙනවා "
''ඇත්තටම ගත්තොත් මේ වන විට මහවැලි ගඟේ ගඟටදරාගන්න බැරි තරම් ජල ප්රමාණයක් ගඟ දිගේ පහලට එනවා. ඒ අවස්ථාවේ දී මහවැලි ගඟේ ජල පවාහයත්, ඒ ප්රදේශට වට වර්ෂාවත් හේතුවෙන් මාවිල්ආරු ජලාශය සහ ඒ අවට ප්රදේශය ජලාශයක් වගේ තමයි දිස්වෙන්නේ. මාවිල්ආරු සොරොව්ව සහ එහි බැම්ම ඇත්තටම අවදානම් තත්වයක තමයි තියෙන්නේ. අපි බලාපොරාත්තු වන්නේ නෑ ඒක කැඩෙයි කියලා. නමුත් මහවැලි ගෙඟ් ජලය අධික වේගයකින් ගලා යන නිසාත්, ඒ ප්රදේශය එකම ජලාශයක් බවට පත්වෙලා තියෙන නිසාත් සොරොව්ව හෝ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් ඇත්ත වශයෙන් ම තියෙනවා. ඒත් ඒ පැත්තට ළඟා වීමට හැකියාවකුත් නෑ, ඉතින් මම ප්රදේශවාසීන්ගෙන් සහ මාවිල්ආරු ජලාශය පහළින් ජීවත් වෙන අයගෙන් ඉල්ලා සිටින්න කැමතියි අවධානයෙන් ඉන්න. මේ රාත්රී කාලය නිසා හැකිනම් ආරක්ෂිත ස්ථාන කරා යන්න කියලා ඉල්ලීමක් කරනවා. හෙට උදෑසන අපට හැකියි නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂක අංශවල සහයෝගය ලබාගෙන මාවිල්ආරු ජලාශයේ යම් අනතුරුදායක තත්වයක් තියේනම් ඒ ගැන විභාග කර යම් ප්රවෘත්තියක් ලබා දෙන්න" යි
