ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

මාස ගණනක් ගියත් විසඳුමක් නැති පාස්පෝට් ගැටලුව

සජිත් අද පාර්ලිම්න්තුවේ දී මතු කරයි

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මාස ගණනාවක් විසදිය නොහැකි ජාතික ගැටලුවක් වී ඇති අතර නව රජය මගින් 2024 නොවැම්බර් 4 වැනි දා සිට මාර්ගගත ක්‍රමය හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කළත් තවමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 3 ක හෝ  4 ක කාලයක් බලා සිටින බැවින් මේ නිසා විදේශ රැකියා සදහා යොමුවන පිරිස් අපහසුතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අතයට මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද සිදුවන බැවින් මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවන කාලීන ගැටලුව කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමිනි.

එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කළ අයකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය, දෛනිකව නිකුත් කරන සහ අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ සාමාන්‍ය, මෙම ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළ සාමාන්‍යකරනය කිරිමට බලපෑ හේතු මෙන්ම එය සාමාන්‍ය කරණය වෙතැයි අපේක්ෂිත දිනය ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

තවද 2024 ජනවාරි සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබුණු අයදුම් පත්‍ර ගණන මෙන්ම මේ වන විට නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණයත් මේ වන විට නිකුත් කිරීමට ඇති ප්‍රමාණය සහ ඒ සදහා ඇති බලපත්‍ර ප්‍රමාණය සම්බන්දයෙන් ද ප්‍රශ්න කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ මේ වන විට විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කරුවන් කවුරුන්ද යනුවෙනි.

මේ සම්බන්ධ ටෙන්ඩර්වලට අදාළ තොරතුරු සභාගත කරන ලෙසත් දැනට දැනට නිකුත් කරන බලපත්‍රය ගුණාත්මක පිරිවිතරයන්ට අනුව සකස් කරන්නේද කියා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලක්ෂ ගණනක් අපේක්ෂාවෙන් සිටින බවත් ප්‍රේෂණ වැඩි කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධනය වැදගත් බවත් මේ අයට පහසුකම් සැලසීම රජයේ වගකීම බැවින් ගන්න පියවර කඩිනමින් පැහැදිලි කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.