ආර්ථිකඋණුසුම් පුවත්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වහල්භාවය තුරන් කළ යුතු යි – සජිත් ප්‍රේමදාස

අප රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතු⁣ටු විය නොහැකි බවත් අප රටට ආසන්න ඉන්දියාව මැනික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් සියයට 6ක දායකත්වයක් නිෂ්පාදිතයට ලබා දුන්නත් අපේ රටේ සියයට 1 ක පමණක් දායකත්වයක් ලබා දෙන්නේ යැ යි විපක්ෂ නායකවරයා පවසයි.

අපේ පවතින නියාමන ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බවත් රජයකින් සිදුවිය යුත්තේ මෙවැනි කර්මාන්ත වලට ශක්තිය ලබා දීම වුවත් සිදුවන්නේ නියාමනය බවත් කී ඔහු මෙම නියාමනය ඇතුළු අනවශ්‍ය ඇගිලි ගැසීම් නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් හෙතෙම පැවසීය.

ප්‍රේමදාස මහතා මේ බව කීවේ අද බෙන්තොට පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක් වෙමිනි.

විදේශයේ කිසිදු රටක මෙවන් නියමන අධිකාරි නොමැති බවත් එම නිසා මෙම ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම දියුණු කළ යුතු බවත් සියලුම පාර්ශ්ව ශක්තිමත් කර දිරි ගැන්විය යුතු බවත් අනවශ්‍ය ලෙස පනවා ඇති දැඩි බදු බරින් මෙම ක්ෂේත්‍රය නිදහස් විය යුතු බව කී හේ අපනයන ප්‍රවර්ධනය කරන සාධාරණ බදු සූත්‍රයක් ඇති කළ යුතු බව ද මෙහි දී පැවසීය.

විෂය සම්බන්ධ අවබෝධයක් ඇති පුද්ගලයන් මේ සදහා පත් කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුල මේ සියලු අනවශ්‍ය සම්බාධක ඉවත් කර සංවර්ධනය කරන බවත් රෙගුලාසිවල වහලුන් බවට පත් කර ඇති වහල්භාවය නතර කරන බවත් ඒ තුළින්පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා සමගි ජනබලවේග ප්‍රතිපත්තිය සකස් කර ඇති අතර බලය ලැබුණු විගස මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්ාන් යැ යි ද ප්‍රේමදාස මහතා අවධාරණය කෙළේ ය.