ඒත් ආණ්ඩුවට කිසිම විසඳුමක් නැහැ - විපක්ෂ නායක
අද අපේ රට අභියෝග හා අවදානම් රැසකට මුහුණ දෙන බවත් ආර්ථික, සමාජීය, සංවර්ධන සහ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් ඇති බවත් මේ වන විට රටේ කැලැ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල් බිහි වි මැර කල්ලි සමාජය ගොදුරක් බවට පත් කර ගෙන ඇති නිසා ජනතාව ජීවත් වන්නේ දැඩි අවදානම් තත්ත්වයක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දරුවන් කාන්තාවන් මව්වරුන් තරුණයන් හා පුරවැසියන් උණ්ඩයට යට වී ඇති බවත් පිස්තෝළය රජ කරන මේ යුගයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට උත්තර හා විසදුම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මතුගම නගරයේ පැවැති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ බැව් කීයේ ය.
ජන සමාජයේ මහා භීෂණයක් මතුව තිබෙන මොහොතක ඒවාට විසදුම් දෙන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ බලය සහිත පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන දෙන බවට ජනාධිපතිවරයා පවසන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රතිපාදන දුන්නත් නැතත් සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඒ පළාත් පාලන ආයතන හරහා නීතිය සාමය ස්ථාපිත කිරීමට නැවතත් ප්‍රජා ආරක්ෂක හා සිවිල් ආරක්ෂක කමිටු ඇති කර ජනතා කේන්ද්‍රීය නීතිය සුරකින සමාජයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
තවද අද වන විට බොරුව රජවන සටකපට දේශපාලනය තුළ බොරු පොරොන්දු ලබා දී ජනතාව අනාථ කර ඇති බවත් මැතිවරණ වේදිකාවේ කියු කිසිවක් ඉටු කර නොමැති බවත් රටේ ගැටලුවලට විසදුම් දෙන්න බැරිව නොහැකියාවෙන් සිටින මේ රජය දැන් අලුත් පච ලැයිස්තුවක් කියමින් යන බවත් අයවැයේ නැති ප්‍රතිපාදන පවා දෙන බවට බොරු කියමින් යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
