ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

මැලිබන් බිස්කට් සමාගමෙන් රුපියල් කෝටි 3 ක පරිත්‍යාගයක්

කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු විසින් පිරි නැමූ අවස්ථාව

මැලිබන් බිස්කට් සමාගම මගින් Rebuilding Sri Lanka අරමුදල වෙත රුපියල් මිලියන 30 ක මුදලක් පරිත්‍යාග කිරීම අද (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඊට අදාළ චෙක්පත මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පරිත්‍යාග කිරීම එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු කෙරිණි. එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීන් වන රවී ජයවර්ධන, එස්.එම්.ඩී. සූරියකුමාර යන මහත්වරු සහ අධ්‍යක්ෂිකා කුෂාලි ප්‍රනාන්දු මෙනෙවිය ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.