නොරැවටෙන්නැ යි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න රණවිරුනට පවසයි
රුසියාවේ හා යුක්රේනයේ හමුදා කඳවුරුවල සේවයට යොදවන බව කියා ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ යෙදුණු පිරිස් ඒ දෙරටට යැවීමේ කූට ජාවාරමක් ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බවත් මේ නින්දිත ක්‍රයාව මෙහෙයවන වංචනික පුද්ගලයන්ට හසු නොවනා ලෙසත් ආරක්ෂක ලේකම් ව්ශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා රණවිරුන්ගෙන් ඉල්ලයි.
මේ ජාවාරම්කරුවන් විසින් රුසියාවට හා යුක්රේනයට යනව ලද ලාංකේය හමුදාවන් හි සේවය කළපිරිසෙන් කිහිප දෙනකු මේ වන විටත් මියගොසින් බවට තොරතුරු ලැබුණත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට මේ දක්වා අපොහොසත්ව ඇතැ යි ද ගුණරත්න මහතා පැවසී ය.
මේ කූට ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නට විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව කියන ආරක්ෂක ලේකම්වරයා මෙවන් පුද්ගලයන්ට නොරැවටෙන ලෙස සියලූ රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා ආයාචනාත්මකව යි.
 
            