උණුසුම් පුවත්

මුදල් අයකර උපකාරක පංති පැවැත් වූ ගුරුවරුන් 51කට ස්ථාන මාරු

මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකුට වෙනත් පාසල් වෙත ස්ථාන මාරු ලබා දීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ පාසලේ තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස දැනුම් දී ඇති චක්‍රලේඛයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ගුරුවරු පන්ති පවත්වන ස්ථාන වැටලීම සඳහාද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව එවැනි පංති පවත්වන ස්ථාන පිළිබඳව තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් යොමු කර ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.