දුරුතු පුර පසළොස්වක් පෝදා සකල ලෝ දනන් නුවණැස පාදා ගනිත්වා!
-
බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
-
බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්රමුඛ 1000 පිරිස සිය දහම් මගට හරවා ගත්හ.
-
පසුව ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවනින් පහලව බුදුරැස් මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.
-
ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.
