උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනදේශපාලනසංස්කෘතික

මෙත් සිත් වැඩෙත්වා! සත්සිත් තුටින් දිලෙත්වා!

නව හිරු අදත්

  ඇන්ජලා පැල්පොළ                                                                                              

                                                                                මිණි කිංකිණි හඬ සොලවා...

නව හිරු අදත් සිනා සෙනවා... 

මිහිරි මතක සිත රදවා...

අළුත් වසරක් උදා වෙනවා...

ඇන්ජලා පැල්පොළදෙදහස් විසි හතර ගෙවුණා නොදැනිම...

දෙදහස් විසි පහත් ලැබුවේ පෙරසේම...                                                                                               

අදහස් වලට තෝතැන්නක් සැදුනාම ......

සුවහස් පැතුම් පතමු සතුටින් හැමදාම...!

 

 

දුක් සෝ සන්තාප හදවත් මත රැඳුණූ

නෙක් කම්කටොලු කටු තුඩු සේ හිත රිඳුණු

සක්වල ගලත් හෙල්ලෙන සුසුමන් දැවුණු

නික්මෙයි පිණි විලස හිරු රැස් මැද දිලුනණු

 

සෙනෙහස උතුරනා සිත් සොම්නසින් පිරී

මදහස මුවඟ පිබිදේවා රැගෙන දිරී

සර’තැස නිවන අවුරුදු උතුරවා කිරී

සන්නස ලියයි නව වසරට සපිරි සිරී

 

මැකී පරණ දුක් මතකය දවන ගිනී

නොකී කතා දුරුවේවා විලස පිණී

දකී නිතර සෙනෙහස් මල් මකා තනී

මෙකී සතුට අවුරුද්දේ සිතට පනී

               

අතින් අරන් සහනය නව අවුරුද්දේ

සිතින් සිතට හිනැහෙයි සෙනෙහස් සද්දේ

ඉතින් තවම මල් හීසර නොම විද්දේ

හදින් මලක් පිපියන් සොම්නස මැද්දේ

 

කිරට හඬන බිලිඳුගේ කුස පිරේවා

දුකට දැවෙන හදවත් සැම නිවේවා

කුසට බතක් හැම නිවසෙම ඉදේවා

ඔබට නව වසරෙ සතුටම ලැබේවා

 

සකල සතුන් වෙත පාමින් දයා ගුණ

පතල බුදු ගුණෙන් පිබිදෙයි සියලු දන

නිසල ලොවට පායා හිරු සුවය දෙන

සිසිල ලැබේවා අවුරුදු ලබන දින

 සංජීවනී පද්මසේන - 

 

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

 

කොහා නඟා ගී

එරබඳු මල් පිපේවා!!!

කොහා හඬන බක්මහක                               

එරබඳුමල් පිපී හිනැහෙන

අවුරුද්දක්

එයිද කියා බලා ඉන්නව

එරබඳු මලේ පාට ගෙනා

සහෝදරවරුන්

ඇදහූ මිනිසුන්........

ඊට පෙරින් නවවසරක්

එමින් තියේ

දස දහසක් රතු පාටින්

නිල්ල දකින

හිතේ හිනා මල් පූදින

බලාපොරොත්තුවේ ඉන්නා දනන් කරමතින්

අකුණු නිවෙන වස්සානෙක

සංවර්ධන ගැබ් ගන්න

මහ පොළොවක

සාද සිතින් මනුදම් පිරි

නැවුම් ලොවක සිරිය වඩන

සහකම්පනයෙන් අනිකා දකින

නව වසරක වාසනා!

සුබ වසරක දෙපයින්

නැඟෙනා මිනිසුන් වාසනා!!.

චම්මින්ද වෙලගෙදර .

 

 

 

෴෴෴෴෴෴෴෴

 

 වඩිනු මැන සිරිකත!

දිවියට යහ ගුණයෙන් නිසි ඔපය ලැබෙි

අනුහස සොබ දහමෙහි ගැබ් වෙලා තිබෙි

ලොවමත දිදුලමින් සරණා ගගන ගැබෙි

හිරුසඳු හැම දිනෙක මිහිකත සිඹිනු ලැබෙි

 

පිරිපත දුර හරින සතහට සැපය දෙන

රසබර දිවියකට සැනසුම් සුවය ගෙන

සැමදෙන තුටු කරන සරතැස නිවා ලන

විසිපහ වසරෙදි සිරිකත වඩිනු මැන

 

රටතුළ බොහො නව නිපැයුම් බිහි වෙිවා

අගහිඟ දුක් කරදර සේදී යේවා

ගොවියන් මඩසෝදා ගෙන රජ වෙිවා

විසිපහ වසරෙ සැමටම කිරි ඉති රේවා

 

මිහිකත සියලු බර ඉවසා දරා ගෙන

දනහට සෙත සදයි කරුණා දයාවෙන

අව් වැසී නිසි කල වැටෙිවා පිනා යන

අටුකොටු පිරේවා මෙම සුබ වසරෙ එන

 

වසංගත රෝග දුරින්ම  දුරු වෙිවා

ඉරිසියා ක්‍රෝධ වෛරේ වැන සේවා

මනුදහම් ලෝකෙ  පුරා බලවත් වෙිවා

පින්සාර ලක්මව සතුටින් හිනැහේවා

 

 - කාන්ති දසනායක -

සුහාෂිනි වසරක් 

 

සිසිලස විසුළ උදුවප් රැස් 
සිහිල වෙලූ
සොඳුරුම ලතාවට ගහ
ගහකොළ නැලවි සැලූ
මිහිරිම ⁣දුරුතු ගී ගයමින්
තිමිර අලූ
සොබමන් රුසිරු රුව ළෙල ⁣ දෙයි සිතක සිලූ

දස දෙස හමා එන සිහිලැල්
පවන් රසින්
විහිදයි නව සුවඳ කුසුමන්
පිබිද හසින්
හැඟීමන් රැඟුම් පැතුමන්
ළය මඩලෙ තුසින්
මුමුනයි නැවුම් අසිරිය විඳ
සුහඳ බසින්

විකසිත සියලු කරුණා
ගුණ පිරිමදින
නවමුව සිතුම් රුචිරින්
සැසදී සොඳින
අමයුරු නඳින් වදනක්
මිහිරිව විඳින
ජනිතවු සුහාෂිනි වසරක්
හද බඳින

සුසදව නිසල් ලවනත
දසනත විහිදා
පිළිපන් වසර පිළිබන්
නුවනින් පහදා
රැව් පිළිරැව් දි දී සැම
සවනත පුබුදා
ලකඟන ළසල් පිනවමු
නිරතුරු සැමදා

ඔසඹුව ඔසඳ ඕසදයෙන්
නහවමින
සතොසින් සුහඳ සැරු
සුනරා පොබවමින
මලිනින් සරසවා කෙළිමින්
තුස් වෙමින
ගරු සරු ගුණ සරින් නැණ
සරු වෙමු පෙමින

ලසිකාවියගෙ සේයා හෙම්
රැස් දිදුළා
මනකල් ළකල් නුවනින්
නුවණත පහදා
පිනවා මනස් සුලලිත
මෙවසර උතුළා
පැහැසර කරන්නට සිත
සරසමු විමලා

තුරු සියපත් පිපි නුබ
පිරි තුමුළ රසේ
සැලමුතු පින්නෙ නහවමු
මුදු සිනිඳු බසේ
මල් රන් හරින් රසිනින්
දුල රැඟුම් ඇසේ
සිඹ සිප ජගත් සසිතව
නිති විඳිමු තුසේ

පසිඳුව ලෝ සතට සිහලේ
වීර ගරූ
නන්වා මිගදු යුරු මේ ලද
උදය සරූ.
කිතුලිය උතුලමින් සිළුමිණ` සිරස දැරූ
අංජන ගගා සැනසෙමු
නව වසර පිරූ

සීතා මොරගොඩ

 

 

පත්

හරිත පැහැයට ලොබ බැඳ
හිරුගෙ උණුසුම විඳ විඳ
මල් පිපෙන තුරු සිටියද
ඉතිරිම සැකිලි විතරද
නොදුටුව මලක මුවරද
සංකා තැවුල් සිඳ බිඳ
මුල් ඇදී ගිය පොළොවද
පොහොණි කරනට යනවද

                                                                                                                                                        නයෝමි අමරසිංහ

 

 

පැතුම්.......  

ඊයෙ සහ අද අතර

වෙනස තත්පරයකී

ගෙවුණු සහ ලබන

පරතරය දශමයකී

කිසිදා නැවත

නොලැබෙනා මොහොතකී

ලබන්නා වූ වසරට

එක්කරන සුභ පැතුමකී

ඉටු නොවුණු පැතුම්

දරාගෙන අතක

එකතුවන පැතුම්

පිපී දුර ඉත්තක

රිදවනා සුසුම්

වීසි කර පැත්තක

වැළඳ ගමු ඉතින්

සුවඳ නව වසරක

-------------------- නව වසරට

- ෂර්මිලා බංදුනී දංවත්ත -

 

 

 

භ්‍රමණය

දොළොස් මහක් ගෙවී ගියා

දුක සතුට අතර කාලය

ගත වෙමින් ඒත් ලදිමි

එක දෙයක්

ජීවිතාවබෝධයෙන් සපිරි

අනාගත දැක්මක්

මේ උත්තමාචාරය!

සෙනෙහෙවන්ත වූ 2024 ට යි.

ඉතින් හෙමි හෙමින්

සමු දෙමි ඔබට ආදරෙන්

පිරිමදිමි ඔබ ව

සිහිකරමින් ආ මඟ

හෙමින් සීරුවේ හුස්මක් ගෙන....

ස්තුතියි හැම දේට ම!!

- විශාඛා වීරද්දන -

 

 

 

 

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අමුතු නවාතැන..

ගගන තලය ස්පර්ෂ කළ මා නෙතු පියා ගත්තා මදකට,

 හින් සිරුවේ කවුඵවෙන් මැකියන

කුරුමිටන් වු මතකයන් දැස් මානයේ

කදුඵ වියලි හිස් අහසේ

වළාවන් මත සැතපුවා මදකට.

තොන්තුවෙන් ආගන්තුක පිරිස මැද

තනිවුණ සිත කෙදිරිගාන

තනිකම මා පසෙක දමා සිත

තැන්පත් කළා අමුතු

නවතැනේ සිතුවමට. යකඩ

හඩින් වරින් වර නැගෙන

ඇමැතුමකට මා කන් දුන්

බවක් සිහිනයෙන් මෙන්

නැගෙන සත්සාර රාවය

පරදා , ගගන තලය

වෙගයෙන් ගමන් ගත්තා

කදිමට.  කඵ , සුදු, රතු, මිටි

වර්ණ බෙදයෙන් තොර

නන්නාදුනන සිත

තනිකමින් වෙලාගත්තා

කඳුළු ළඟ. අවසන් හෝරාව

යකඩ හඩින් ඇමතුවා මාද

අනිකා පිටුපස තෝන්තුවෙන්

ඇවිද බලා උන්නා පෙරමග

යාචකයෙකු යදින්නා මෙන්

හොරා වකට පසු මා දුටුවා

නුඹ.  හාත් පසින් වෙනස් මා

සිහිනයෙන් දුටු දකුණට

පටහැනි , ගරු ගාමිබිරව

මදෙස බලා සිටියා නිසලව.

සුපුරැදු හිනාව ආරුඩ කළ

ගත් මා අතැති මල

පිරිනැමුව මුත්. නුඹ ඵය පිළි

නොගෙන කියා සිටියේ.. ‘ I

didn’t bring anything’

අඩන්න බැරි කෙනාට

ඇඟිල්ලෙන් ඇන්නා මෙන්

නොනවත්වා උණු කඳුළු රුරා

වැටුණ මුත් නුඹ කිසිත්

නොදඩා රිය පැදුවා අමුතු

නවාතැනට.  උණුසුම

සොයා හදවත කිරි ගාන හඩ

නුඹට නො ඇසෙන්න හින්

සිරුවට නුඹ ගුවන් විදුලිය

පණ ගැන්වුවා.  මාද

හින්සිරුවේ ජනෙල් කවුඵව

විවර කළා. නුඹ හඩ

අවදිකළා.. “ AC  is on

 don’t you feel it”.

මැරණු කෙනාට මොන

දැනිමිද මම මටම මුමුණ

ගත්තා..  මා හුරු කළා

නොව හුරු වුණා ඵතැන්

පටන් සුවච කිකරු

බැළලියක වන්නට. නු‌ඹේ

ආධිපත්‍ය ළඟ මා

සිගන්නියක වුවා. දෙනදේ

කා වෙනදේ බලන්න මා

හුරු කරගත්තා මගේ හිත. 

නුඹේ අශාවන් මත කිකරු

සොල්දාදුවෙත් වුවා මිස

නුඹ මගේ අශාවන් ගැන

කළේ නැ කිසිදු තැකිමක්.

වචන දහයකටත් වඩා අඩු

 ප්‍රමාණයක් කතා කළ නුඹ

මා නිකමිම නිකං තුටුටු

දෙකේ ගැනියක් බවට

පත් වුණා.  වරින් වර ගෙදරට

පැමිණෙන නැදැ හිතවතුන්

අතරේ මා අතර මං වුවා.

කතා කළ යුතු දේ , අනවශ්‍ය

දේ කතා කිරිමෙන් වන

හානිය මා සිහිනෙන් දුටුවා. 

හිරකාරිය වරදක් නොකර

දුන් දඩුවමි පුරා වසර

ගණනාවක් අත් දුටුවා මං

නුඹ ළඟ මා වහළියක් මිස

අනෙකුත් වරප්‍රසාද මට

අහිමියි. අදටත් දඩුවම්‍

දින නිම වන තුරු ඇඟිලි

ගැන බලා ඉන්නවා.

නිදැල්ලේ පියඹන්න.  නුඹ

සුක්ෂම ලෙස මට වැට

බැන්දා. පවුරු බැන්දා ගේය

මට වහල් කදවුරක්ම

පමණය. නමුත් ඔබට ඵකක්

අමතක වුණා.. “මගේ

සිතුවිලි බදින්න, මගේ

අත්පා බදින්න.” ඵත් මා

නිමාවක් සොයා ගත යුතුයි.

වසර විසිපහක් පුරා කුරිරු..

පීඩනයෙන් ම්‍දි

සොයා දෙන්න පුඑවන්ද

ඔබට මගේ නිදහස..

ශ්‍යාමලී ගමගේ - ටොරොන්ටෝ නුවර සිට

--------------------------------------------

දෙඉමෙන් එහා මෙහා

අදත් හෙටත් මතුවටත්

ඉරට මෙහා ඉමෙන්

සඳුට එහා ඉමෙන්

අඳුරේ ගිලිණු ඔබ

අවරට යන ඉරට ද

බැස යන සඳට ද

මුවා වී කීමට

මට කඳුළු කැට

මේ තරම් නෙත් අගට

- කල් -


සැමට සුබ වේවා!

        රනුකා ප්‍රියංකා

හිතමිතුරනි අළුත් අවුරුදු දිනක්

පතමු  එකට පැතුමක්

සැමට සතුටුගෙන දෙන

ලස්සන දිවියක්

   සැමට ලබනමේ නව වසර

කිරියෙන්පැණියෙන් ඉතිරේවා!

අවුරුදු සැමටම සුබවෙිවා