උණුසුම් පුවත්දේශපාලන

මෙන්න තවත් ප්‍රතිඵලයක්

ගේමට ගේම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරියක ඉවත් කරන ලද බව මේ දැන් ලැබුණු පුවතකින් අනාවරණය විය. 

ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ යන පස් දෙනා ඔවුන් දැරූ තනතුරුවලින්  පහකරන ලද  බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන ලැබුවේ. ජනපති සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.