උණුසුම් පුවත්

මේ ඒ කුප්‍රකට මන්දිරය යි, අක්කර පාළොහක ඉඩම යි

පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ පැවැත් විය යුතු වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමේ බලය ජනාධිපතිතුමාට තිබෙනවා - අධිකරණ ඇමති

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති  නිවස සහ අක්කර 15 ක  ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනම් පියවර.

ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේ පවත්වනවා

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ  ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය" ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය" ජනාධිපති නීතිඥ" ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය  කිරීමට අද පස්වරුවේ ( 2024.02.21 පැමිණී අවස්ථාවේදී යි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ  ද සදහන් කළේ ය.

විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සදහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීම සදහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදු වු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15 ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යතුමා පැවසී ය.

මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්න පිළිතුරු ලබා දුන්  අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේ ය.

මාර්ග ගත සුරක්ෂාව පිළිබදව පනත  මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්මත කරනු ලැබුවා. එහි අඩුපාඩු පවතින බැවින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.  ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබී තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. මේ රට කිසියම් රටක කොටසක් හෝ කොළණියක් වෙන්නේ නැහැ. ඒකට අපි ඉඩ තියන්නෙත් නැහැ. රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කරන විට  ඒවා දෙරට ට ම වැදගත් වන ආකාරයට අත්සන් කරනවා. අපේ රටේ පවතින නීතියට අනුව මේ රට වෙනත් රටක කොටසක් කරන්න බැහැ. ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම ඔක්තෝම්බර් මාසයේ පවත්වනවා. දැනට තිබෙන තත්වය අනුව

මාර්ග ගත සුරක්ෂාව පිළිබදව පනත  මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්මත කරනු ලැබුවා. එහි අඩුපාඩු පවතින බැවින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.  ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ලැබී තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. මේ රට කිසියම් රටක කොටසක් හෝ කොළණියක් වෙන්නේ නැහැ. ඒකට අපි ඉඩ තියන්නෙත් නැහැ. රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කරන විට  ඒවා දෙරට ට ම වැදගත් වන ආකාරයට අත්සන් කරනවා. අපේ රටේ පවතින නීතියට අනුව මේ රට වෙනත් රටක කොටසක් කරන්න බැහැ. ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම ඔක්තෝම්බර් මාසයේ පවත්වනවා. දැනට තිබෙන තත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ පැවැත් විය යුතු වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමේ බලය ජනාධිපතිතුමාට තිබෙනවා. කිසිම සැක සංකාවක් තබා ගත යුතු නැහැ නිසි වේලාවට ජනාධිපතිවරණය පවත්වන බව ද අමාත්‍යතුමා සදහන් කළේ ය.

කිසිම සැක සංකාවක් තබා ගත යුතු නැහැ නිසි වේලාවට ජනාධිපතිවරණය පවත්වන බව ද අමාත්‍යතුමා සදහන් කළේ ය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුහ.