උණුසුම් පුවත්කාලීනදේශපාලන

මේ නාමල් ඝාතන කුමන්ත්‍රණයක් දැ යි සැකයක් තියෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අනතුරු අඟවයි

මේ රටේ ඉතිහාසයේ දරුණුම, භයානක චෝදනාව ලෙස කිසිදු පරීක්ෂාවකින් තොරව රතු ලේබල් සහිත කන්ටේනර් 323 ක් නිදහස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තදබදය තිබූ කාලසීමාව තමයි කොවිඩ් කාලසීමාව. ඒ කාලසීමාවෙවත් එක රතු ලේබල් සහිත කන්ටේනරයක්වත් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමක් රේගුව විසින් සිදු කර නෑ" යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී කීය.

අර්චුනා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා, මේ කන්ටේනර්වල ප්‍රභාකරන්ට ලංකාවට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණා කියලා. ඊට අමතරව මත්ද්‍රව්‍ය, තහනම් ද්‍රව්‍ය සහ මුදල් මේ කන්ටේනර්වල තිබුණා කියලා විවිධ සැක සංකා මතු වුණා. අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. නමුත් අද වනතුරු එයට පිළිතුරක් නෑ.

"මෙය ඉතාම භයානක කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බව මේ රටේ ජනතාවට කියා සිටිනවා.” යැයිද ඔහු සඳහන් ප්‍රකාශ කළේ ය.

''නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට ඈඳන්න හදන්නේ රජයේ පාර්ශ්වයක් විසින්ම ඔහුගේ ජීවිතයට යම්කිසි හානියක් කර එය පාතාලේ අතර ප්‍රශ්නයක් හැටියට අර්ථ දක්වන්න දරන උත්සාහයක් ද කියන සාධාරණ සැකයක් තිබෙනවා.” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා  සැක සංකා පළ කරමින් සඳහන් කළේ ය.

''නමුත් මේ ඊයේ පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය නිපදවන්න අමුද්‍රව්‍ය ගෙනාවා කියන කන්ටේනරයක් සම්බන්ධයෙන් පොලීසිය ඉතා ඉක්මනින් මැදිහත් වී ප්‍රකාශ කර සිටි­නවා, මේ කන්ටේනරය අර කන්ටේනර් 323 ට අයත් නොවන බව. ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉතා හොඳින් දැනුම්වත්. නමුත් ඒ තොරතුරු රටට හෙළි නොකර සඟවා සිටින්නේ ඇයිද කියන කාරණය සම්බන්ධයෙනුත් ඉතාම දැඩි ප්‍රශ්නයක් උද්ගත වී තිබෙනවා"