මව්බිම පක්ෂයේ සභාපති පොළොන්නරුවෙන් පත් කෙරේ. ඒ රොෂාන් රණසිංහ යි
ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක් නිර්මාණය කිරීමේ මව්බිම ජනතා පක්ෂ අරමුණ හා උපාය මාර්ගයන් අනුමත කරමින් පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ගොඩ නගනා බවට ප්‍රතිඥා දෙන්නා වූ නිර්ව්‍යාජ වාමවාදී, ප්‍රගතිශීලි තාරුණ්‍යයේ දේශපාලන පක්ෂයට සිය සහය පළ කරමින් හිටපු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ 06 වන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03) වන දා මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලද බව එම පක්ෂ නායකයා පවසයි.
මීට පෙර හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ හා රාජ්‍ය ඇමතිවරයකු වූ ආචාර්ය චන්න ජයසුමන මහතාත් පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිරාන්වී ජයතිලක මහතාත් දිලිත් ජවයීර මහතා හා අත්වැල් අල්ලා ගත්හ.
රොෂාන් රණසිංහ මහතා මව්බිම පක්ෂාය් සභාපතිවරයා ලෙසත් චන්න ජයසුමන උප සභාපතිවරයා ලෙසත් ජයවීර මහතා විසින් පත් කරන ලදි.
එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වය සහ පොළොන්නරුව ආසන සංවිධායක ලෙස දහම් සිරිසේන නව තරුණ නායකයෙකු වශයෙන් අපගේ මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර කෑගල්ල දිස්ත්‍රික් නායිකාව ලෙසත් දැදිගම ආසන සංවිධායකවරිය ලෙසත් රාජිකා වික්‍රමසිංහ මහත්මිය එක්වීම පිළිබඳව සතුටට පත්වන අතර තරුණ දේශපාලන පක්ෂයක් ලෙස තාරුණ්‍යයට පෙරමං තනමින් අපගේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලෙස පත්වීම් ලැබූ චලිඳු කුමාරසිංහ මහතා ඇතුළු නව සංවිධායකවරුන්ට හා සංවිධායකවරියන්ට සතුටු දැයක් කරා අප යන ගමනේ තාරුණ්‍යයේ, සෙනෙහසේ දේශපාලනයේ නව වෙනසක් සමඟ ඉදිරියට ගමන් කිරීමට සුබ පැතුම් එක් කරනා බව පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ ය.
රාජිකා වික්‍රමසිංහ - කෑගල්ල දිස්ත්‍රික් නායක සහ දැදිගම ආසන සංවිධායක
දහම් සිරිසේන - පොලොන්නරුව දිස්ත්‍රික් නායකත්වය සහ පොලොන්නරුව ආසන සංවිධායක
චලිඳු කුමාරසිංහ - පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක
තක්ෂිල ප්‍රේමසිරි - මහනුවර දිස්ත්‍රික්කය, උඩුනුවර ආසන සංවිධායක
සංජිව සුරවීර - මහනුවර දිස්ත්‍රික්කය, හේවාහැට ආසන සංවිධායක
තක්ෂිලා සෙනෙවිරත්න - මහනුවර දිස්ත්‍රික්කය, යටිනුවර ආසන සංවිධායක
තුසිත තිලංක ජයසිංහ - ගාල්ල දිස්ත්‍රික්කය, රත්ගම ආසන සංවිධායක
චුලා බණ්ඩාර - ගම්පහ දිස්ත්‍රික්කය, ගම්පහ ආසන සංවිධායක