උණුසුම් පුවත්

රජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය යයි

බරපතල තුවාල ලද රියැදුා රාගම රොහලේ

 

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ දී අද (25) පාන්දර සිදුවූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය  අමාත්‍ය  සනත් නිශාන්ත මහතා හා ඔහු ගේ ආරක්ෂකයකු මිය ගොස් ඇත. බරපතල තුවාල ලැබූ ඔහුගේ රියැදුරා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

නිශාන්ත මහතා ගේ මෝටර් රිය කොළඹ දෙසට ධාවනය වෙද්දී ඒ දෙසට ම ගමන් ගත් කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලද රාජ්‍ය ඇමතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියා හා රියැදුරාත් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇමතිවරයාත් රැකවල් නිලධාරියාත් මිය යන ලදි.