ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්න අපිත් සහයෝගය දෙන්නම්

විපක්ෂ නායක අද පාර්ලිමේන්තුවේ දී කියයි

අද වනවිට රටේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් මතුව මිනිමැරුම් සිදුවන බවත් කුඩා දරුවන් පවා මියයන හෙයින් මීට වඩා ශක්තිමත් විසදුමක් රජයෙන් අවශ්‍ය බවත් ඒ සදහා විපක්ෂයක් ලෙස සහයෝගය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දි පැවසීය.

මේ නිසා අධිකරණය තුළ පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් අධිකරණයට පුද්ගලයකු යන්නේ මරණ බියෙන් නම් එය බරපතල ගැටලුවක් බවත් එම නිසා මේ ගැන අවධානය යොමු කර ශක්තිමත්ම තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සමාජයේ මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


දරිද්‍රතාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් මිනුම් දඩු කවරේද?

අයවැය සැකසීමේ දී දරිද්‍රතාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් මිනුම් දඩු කවරේද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් වෙනුවෙන් රජයක් විද්‍යාත්මක දත්ත මත පිහිටා තීන්දු තීරණ ගත යුතු බවත් රටේ පාලකයන් විසින් බංකොලොත් භාවය පිළිගත් රටක ඉදිරි තීන්දු තීරණ ගැනීමේ දී රටේ දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් නව දත්ත වාර්තා වඩාත් වැදගත් නමුත් වත්මන් අයවැය සැකසීමේ දී දරිද්‍රතාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් මිනුම් දඩු හා මූලාශ්‍ර කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව විමසා සිටියේ අද පාර්ලිමේන්තුවේ දි ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න නගමිනි.

ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය පිළිබද නව වාර්තාව ඉදිරිපත් කර දිනයත් අවසන් වරට ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කළ දිනය හා ජන හා නිවාස සංගණනය ගැන නව දත්ත වාර්තාව නිකුත් කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පසුගිය රජය යටතේ ක්‍රියාත්මක කළ අස්වැසුම වැඩසටහන හරහා දුප්පත්කම තුරන් කළ හැකිබවට රජය පිළිගන්නේද සහ එයට හේතු මෙන්ම අස්වැසුම හිමිවිය යුතු නමුත් එය නොලැබෙන අය සම්බන්ධ දත්ත පවතීද යන්න විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුමට ඇතුළු කරන්නේ සහ බැහැර කරන්නේ කුමන නිර්ණායක මත ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

දරිද්‍රතාව පිටුදැකීමට නම් නිෂ්පාදනය ආයෝජනය ඉතිරිකිරීම් පාරිභෝජනය අපනයන ආදී ක්‍රියාදාම ඇතුළත් වැඩසටහනක් අවශ්‍ය යි කියා රජය පිළිගන්නේද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ අපනයන කරුවන් ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙල ද දැන ගැනීමට අවශ්‍ය බවයි.