අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන


රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේගය විද්‍යාව හා තාක්ෂණය බවත්, ඒ සඳහා රජයේ සහයෝගය වැඩි කිරීමට සැලකිය යුතු පියවර ගන්නවා බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් නොවැම්බර් 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ "තිරසර සංවර්ධනය සඳහා සොබා දහමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය"තේමා කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී පෙරේදා (04) පැවති විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන සම්මාන ප්රදානෝත්සවය - 2025 ට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඹහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතික මට්ටමින් පැවැත්වූ විද්‍යා තරඟාවලියේ දී පාසැල් සිසු සිසුවියන් දැක්වූ විශිෂ්ඨත්වය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගුරු භවතුන්ගේ කැපී පෙනෙන දායකත්වය අගයමින්, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය - 2024 ,ළමා පරිසරවේදියා වැඩ සටහන- 2024, පාසැල් විද්‍යා තරඟ 2025, විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගුරුවරුන් වෙත ජීවිතයේ එක් වරක් පිදෙන සම්මානය ඇතුළු ඇගයීම් සම්මාන - 2025, ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ ක්‍රියාකාරී පාසල් විද්‍යා සමාජවල තරුශ්රේණි ගත කිරීම - 2025 යන තරඟ කාණ්ඩ යටතේ මෙහි දී සම්මාන පිරිනැමිණි.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙසේ පැවසීය.
“ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛතා ක්ෂේත්රයක් ලෙස විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයට රජයේ විශේෂ අවධානයක් යොමුවී තිනෙවා. විද්‍යාව හා තාක්ෂණය රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේග බව හඳුනාගෙන, මෙම ක්ෂේත්‍ර සඳහා මූල්‍ය ප්‍රතිපාදන සහ රජයේ සහයෝගය වැඩි කිරීමටද සැලකිය යුතු පියවර ගනිමින් තිබෙනවා. පුරවැසියන් අතර විද්‍යත්මක සාක්ෂරතාව සහ චින්තනය ප්‍රවර්ධනය කිරීම ජාතික වගකීමක් ලෙස සලකා විද්‍යාත්මක දැනුම සමාජයේ සෑම අස්සක් මුල්ලක් කරා ළඟා වන බව සහතික කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරනවා."
“විද්‍යාවේ වැදගත්කම අපි හැමෝම දන්නවා. අලුත් දැනුම, අලුත් නිර්මාණ බිහිවන්නේ විද්‍යාව තුළින්. හෙට දවසේ අභියෝගවලට මුහුණ දීමට නම් දැනුම, නිර්මාණශීලිත්වය සහ ප්‍රායෝගික කුසලතාවන්ගෙන් පිරිපුන් පරම්පරාවක් ඇති කළ යුතුයි. ඒ ගමනේ ආරම්භක කොටස්කරුවන් වන්නේ පාසල් දරුවන්. බොහෝ දෙනෙකුගේ නව නිර්මාණවලට අඩිතාලම වැටෙන්නේ පාසල් කාලයේ දීයි. ඒ නිසා පාසල් දරුවන් අතර විද්‍යාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔවුන් තුළ කුතුහලය සහ නව සොයාගැනීම් සඳහා පෙළඹවීමේ පළමු පියවරයි. " යනුවෙන් ප්‍රකාශ කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වන විද්‍යා හා පරිසර විද්‍යා මහාචාර්ය හිරාන් අමරසේකර විසින් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, මෙම අවස්ථාවටවිද්යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් මොහොමඩ් නවවි,ජාතික විද්‍යා පදනමෙහි සභාපති වෛද්‍ය සුදත් සමරවීර, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්,විද්‍යාඥයින්, තාක්ෂණවේදින් සහ සම්මානලාභී සිසු සිසුවියන් සහ ඔවුන්ගේ ගුරුවරුන් දෙමව්පියන් ඇතුලු 750ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
