උණුසුම් පුවත්කාලීනදේශපාලන රටේ පාලකයින් “දෙබිඩි පිළිවෙතක්” අනුගමනය කරමින් සිටිනවා – විමල් 2025-11-210 බුදුපිළිම තියෙන තැනින් ආරක්ෂා කරන්න පොලීසියට උස්සන් ගිය ඉතිහාසයක් ලංකාවේ හැත්තෑහය වසරක තිබිල නෑ. ආරක්ෂක ලේකම්වරයා විසින් පසුගිය දා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්, කොටි ත්රස්තවාදීන් යැයි “ජාත්‍යන්තරය පවා පිළිගත්” නමගිය කොටි ත්රස්තවාදීන් පිරිසක් නිදහස් කර තමන්ට මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ “දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තරය” පිනවමින්, මේ රටේ පාලකයින් “දෙබිඩි පිළිවෙතක්” අනුගමනය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රජයට චෝදනා කරයි. වීරවංශ මහතා මෙකී චෝදනාව කළේ ඊයේ (20) පැලවත්තේ පිහිටි ජාතික නිදහස්ව පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට යුධ අපරාධ පිළිබඳ අභූත චෝදනා නගමින් මෙරට නාවික හමුදා, යුද හමුදා හා බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කරන අතර කොටි ත්රස්තවාදීන්, කොටි සැකකරුවන් මෙන්ම දෙමළ බෙදුම්වාදීන් සුරතල් කරමින් සිටින බව කී ය. ත්රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ජාත්‍යන්තරව සනාථ වූ චෝදනා සහිත “එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට සම්බන්ධ, දෙමළ ජාතිකයින් එකොළොස් දෙනෙකුගේ නම්” තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර නිදහස් කර ඇති බවට හෙතෙම පැවසී ය. “කාන්තිලිංගම් ප්රේමරාධි, බාලසුබ්රමනියම් ශ්‍රී කදරාජා, කෝමලිස් ප්රභාකරන්, ඉලයතම්බි තිරේස් කුමාරන්, කන්දයියා පුංජිතපාදම්, කාසිනාදන් ඝනේෂලිංගම්, ක්රිෂ්ණ කුට්ටි සුකුමාරන් හෙවත් උදයන්, කුරුකුලසිංහම්, තේවරාසා සෙබමාලෙයි, ජෝයි ජිනස්තුරයි රාසා ප්‍රියදර්ශනී, වේළුපිල්ලේ සිවනඩියර්” මේ උදවියව ත්රස්තවාදයට මුදල් උපයපු, මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා තියෙනවා. ඒක ජාත්‍යන්තරව සනාථ වී තිබෙන, ඒ අනුව තහනම් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ඇතුළත් කර තිබිච්ච මේ පුද්ගලයන්ගේ නම් මේ ලේඛනයෙන් අයින් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට දැන් නිදහසේ ශ්‍රී ලංකාව ඇතුළට යන්න එන්න පුළුවන්. ඔවුන්ට ඕනම මුදල් ගනුදෙනුවක නිරත වෙන්න පුළුවන්. ත්රස්තවාදයට නැවත අවශ්‍ය නම් මුදල් පොම්ප කරන්න පුළුවන්. ජිනීවා මානව හිමිකම් කොමිසමේ “ශ්‍රී ලංකාවට හතුරු යෝජනාවට විරුද්ධව ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටියේ” ඡන්දයට සල්ලි වියදම් කළ “දෙමළ ඩයස්පෝරාව” සමඟ ඇති කොන්ත්‍රාත්තුව නිසා බවටද වීරවංශ මහතා ආණ්ඩුවට චෝදනා කරයි. රාජ්‍ය පාලනයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ සියලු උපදෙස් ලබා ගන්නේ “ප්‍රකෝටිපති පස් දෙනෙකුගෙන්” යුත් "සුපිරි චෞර පහ" හෙවත් “පස්දුන් කට්ටුව” හරහා බවට ප්‍රබල හෙළිදරව්වක් කළේය. මෙම පස් දෙනා නම් “මලික් සමරවික්‍රම, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, හනීෆ් යුසුෆ්, සහ ඉෂාර නානායක්කාර” බව හෙතෙම සඳහන් කළේ ය. “රුපියල් ලක්ෂක පිරිවැටුමක් තියෙන පුංචි කඩේටත් වැට් එක බලපාන තත්වෙට අයි. එම්. එෆ් එකට අමතරව වැට් එක පරාසය පළල් කළේ. මේ පසු දුන් කට්ටුවේ න්‍යාය පත්‍රය අනුවයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනෑ, එක පැත්තකින් ආර්ථිකය බංකොලොත් භාවයෙන් ගොඩගන්වා වෙනුවට තව තවත් අවදානම් දිසාවකට ඇදගෙන යනවා. ජේ ආර් ජයවර්ධන එදා ඔහුගේම ගෝල බාලයන් ලව්ව “කලු ජූලිය හදලා” යාපනයේ පුස්තකාල ඔහුගේම ගෝල බාලයන් ලව්වා ගිනි තියවලා, වගකීම දේශපාලන පක්ෂ මත පටවලා, තහනම් කරලා රට නැති ගින්නකට ඇතුළු කළා වගේ, මේ උන්දැත් හදනවා තමන්ගේ කට්ටිය ලව්වම බුදුපිළිම උස්සලා, බුදුපිළිම අත්අඩංගුවට අරගෙන, බුදුපිළිම ආරක්ෂා කරන්න. බුදුපිළිම තියෙන තැනින් ආරක්ෂා කරන්න පොලීසියට උස්සන් ගිය ඉතිහාසයක් ලංකාවේ හැත්තෑහය වසරක තිබිල නෑ.” Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නුගේගොඩ තණකොළ බළකායක් Next Article ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් ! මහා ජන හඬ නඟමින් නාමල් නුගේගොඩ දී