උණුසුම් පුවත්

රත්ගම විදුරගේ මත්ද්‍රව්‍ය ජාවරම් ජාලය හසුරවන පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.කේ.අයි. ඉලුක්කුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.04 වන දින රත්ගම පොලිස් වසමේ 68 කණුව, පිටිවැල්ල, බූස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 652 ක් සහ විදුලි තරාදියක් සන්තකයේ තබාගෙන සිටි පිටිවැල්ල, බූස්ස ප්‍රාද්ශයේ පදිංචි වයස අවුරුදු 18 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මත අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් වන රත්ගම විදුරගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.