හෙට දෙන්නා ආපහු මුලිච්චි වෙනවා ලු
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයාත් අතර පැවති සාකච්ඡාවක් තීරණයකින් තොරව නිමා වූ බව දේශපාලන ආරංචි මාර්ග දක්වයි.
ඔවුන් දෙදෙනා යළි හෙට (28) මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත ය.
එළඹෙන මහ මැතිවරණය, පලාත් සභා මැතිවරණ හා ප්‍රාදේශීය සභා මැතිවරණවල දී දෙපැත්ත අතර බෙදා ගත යුතු නියෝජිත සංඛ්‍යාව මොවුන් ගේ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීමට හේතු වූ බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා කරන ලද යෝජනාව බැසිල් රාජපක්ෂ මහතා එකඟ නොවීම ඊට හේතුව යි. පාර්ලිමේන්තුව සඳහා තමනට 40% ක් ද පළාත් සභාවල 35% ක් හා පළාත් පාලන ආයතනවල නියෝජනයට 30% ක් ද ඇවැසි බව හේ ඉදිරිපත් කර ඇත.