උණුසුම් පුවත්

රනිල්ට ලක්ෂ 2,000ක් වෙන් කර ගනිද්දී රජයේ වියදම්, වැටුප් සහ දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්

රාජයේ වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, අභියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජයේ වියදම් ඉහළ යාම සහ රාජයේ ආදායම් සීමාසහිත වීම හේතුවෙන් රාජයේ මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී ඇති බවය.

ඒ අනුව, නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුවකින් සඳහන් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාර, වාහන සහ ඉන්ධන සඳහා 2023 අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව තවත් රුපියල් ලක්ෂ දෙදහසක් රු. ලක්ෂ 2,000) අවශ්‍ය වී ඇති බවය.

පහත ලින්කුව තුලින්  අදාළ චක්‍රලේඛය  දැක්වේ.  👇 👇 👇  👇  👇

 👉 👉 👉   👉   Ministry-of-Finance-2024.01.10-1