යාපනය තාලයඩි වෙරළ තීරයෙන් නාවික හමුදාව හොයා ගත් කේජී තොගය හා සැකකරුවන් තුන් දෙනා


රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව; කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ (13) සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට (273) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික උත්තර ආයතනයට අයත් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඊයේ අළුයම් කාලයේ කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරිණි. එම ඩිංගි යාත්‍රාව තුළ තිබී උර තුනක (03) පාර්සල් හැටක (60) අසුරන ලද කේරළ ගංජා කිලෝ 138 ග්‍රෑම් 110 ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම සහ පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩය; නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව ඊයේ යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේ කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර තුනක් (03) පරීක්ෂාවට ලක් කෙරිණි. එම උර තුළ තිබී පාර්සල් හැටක (60) අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය තිස් පහක (135) පමණ තොගයක් අත්අඩංගුවට ගැනුුු.ණි
මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන එකසිය නවයකට (109) අධික වෙතැයි විශ්වාස කෙරේ
තවද, කන්කසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගැනුණි. සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙතත්, යාපනය තාලයඩි වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතංකේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.
