උණුසුම් පුවත්කාලීන

රුසියන් තරුණයකු හික්කඩුව මුහුදේ සැඟව හුන් මාරකටින් බේරේ

‌පොලිස් ජීවිතාරක්ෂක සේවාවේ නිලදරුවන් දෙන්නකු ගේ උත්සාහය

හික්කඩුව පන්නම්ගොඩ මුහුදේ පීනමින් සිටි රුසියන් ජාතික තරුණයෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඉකුත් දොහක   හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන් විසින් බේරාගෙන තිබේ.
මෙසේ බේරාගෙන ඇත්තේ රුසියන් ජාතික Victor Supohin නැමති පහළොස් හැවිරිදි තරුණයෙකි .
පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පො.ප.හේවගේ ,උ.පො.ප. සිරිමල් ,පො.කො.96221 දුමින්ද ,පො.කො.102748 දිසානායක යන පොලිස් නිලධාරීන් කණ්ඩායම විසින් මෙම තරුණයා බේරාගෙන තිබේ.
දිවි බේරා දුන් පොලිස් නිලධාරීන් සමඟ එම රුසියානු ජාතික තරුණයා සේයාරුවෙන් දැක්වේ .

 - ලාල් ගොඩගේ -