උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

රුහිරු පූජා

නිහාල් පී. ජයතුංග

රුහිරු පූජා නවකතවේ නවතම සංස්කරණයක්.
අරටුව ප්‍රකාශනයක්.
අපි භාෂා දෙකක් කතා කරනඑක අම්මගේ දරුවෝ දෙන්නෙක් වගේ. ඇයි අපට එකතුවෙලා අපේ ප්‍රශ්න කතාකරගන්න බැරි" කර්නල් සිරිදාස වසර තිහකට පෙර තමාට සෙනෙහසේ මිහිරියාව පිදූ, වත්මන් මහාචාර්ය දේවකීගෙන් විමසා සිටියේ මිනිසත් බවේ නාමයෙන්. 
තම දරු දෙදෙනා  ඝාතනය කෙරෙව් සිංහල සොල්දාදුවා වන කර්නල් සිරිදාස දෙස කාලි අම්මා මෙන් බලා සිටිය මහාචාර්යවරියගේ කෝපය නිවී ගියේ ය. 
තම ආදරණීය සැමියා ඝාතනය කෙරෙව් දකුණේ ත්‍රස්තවාදීන් සමඟ මිත්‍ර සන්ධානගතව රට පාලනය කළ ජනාධිපතිවරියක් ගැන මහාචාර්ය දේවකීට සිහිපත් විය. ඇය එසේ කළේ 'මව්බිමේ' උන්නතිය වෙනුවෙනි. 
''හොඳයි මං සිංහල සොල්දාදුවාගේ අදහසට එකඟයි" මහාචාර්ය දේවකී සිය දකුණු අත දිගු කරමින් පැවසුවා ය. 
රුහිරු පූජා සන්නද්ධ ගැටුම පසුබිම් කරගෙන ගොතන ලද සුන්දර වියමනකි.