දයාසිරි ජයසේකර කියයි
ජාතික ජන බලවේග ආණ්ඩුව මෙරටේ සිදු කළ දැවැන්තම හොරකම පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දීම යැයි විපක්ෂෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කරමින් ඔහු ඊට චෝදනා නඟන්නේ ඇමති බිමල් රත්නායක මහතාට යි.
නිදහස් කරන ලද එම බහාලුම් 323 ට සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නැති බවට ද ජයසේකර මහතා චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලු පසු ලබාදී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පමණක් යැයි ද අවධාරණය කළ හේ ඊට අදාළ කිසිදු රේගු සටහනක් ලබා දී නැති බවද ප්‍රකාශ කළේ ය.
පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි පදනම් කරගෙන එම තොරතුරු ලබාදීමට රේගුව කටයුතු නොකරන ලද බවද හෙතෙම පැවසුවේය.
මීට සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට අධිකරණය හමුවට යන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් මේ කරුණු අනාවරණය කරන ලදී.