සහල් වෙළඳපළ ඒකාධිකාරය බිඳ දැමිිමට නම්......
පසුගිය රජය සමයේ අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ ය. වී අලෙවි මණ්ඩලය සක්‍රීය තත්ත්වයට ගෙන ඒමෙන් සහල් වෙළඳපළ ඒකාධිකාරය බිඳ දැමිය හැකි බව හේ කී ය. ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගනිමින් වෙළඳපොළ තුළ පවතින සහල් හිගය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු පවත්වා ගෙන යාමට වී අලෙවි මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවත් අමාත්‍ය වරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී. එසේම 2025 මහ කන්නයට අදාළව විී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සූදානම් වී ඇති ආකාරය සහ වී අලෙවී මණ්ඩලය සතුව ඇති ගබඩා සූදානම් කර ඇති ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයාගේ සංචාරයේ දී දැඩි අවධානයට යොමුවිය.