ක්‍රීඩා

වනිඳු හසරංගගෙන් තරග විනිසුරු ලින්ඩාල් හැනිබල්ට තද වාග් ප්‍රහාරයක්

අවසන් පන්දුවාරයේ හතර වැනි පන්දුව නිපන්දුවක් වූවත් ඔහු සැලකිල්ලක් දැක්වූයේ නෑ

දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර ‌ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (21) නිමා වූ 20 යි 20 තරගයේ දී ශ්‍රී ලංකා පිළ ලකුණු තුනකින් පරාජයට පත් කරන්නට ඇෆ්ගනිස්ථානුවෝ සමත් වූහ.

අවසන් පන්දු වාරයේ දී විනිසුුවරයා ගේ හැසිරීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු ක්‍රිකට් විනිසුරුකමෙන් ඉවත්ව වෙනත් රැකියාවක් කරන්නේ නම් යෙහෙකැ යි ප්‍රකාශ කළේ තරග අවසානයේ සිය අදහස් දක්වමිනි.

ඇෆ්ගන් පිළ රැස්කළ ලකුණු 209 කි. ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය ලාංකේය  ක්‍රීඩකයන්  අවසන් පන්දු වාරයේ දී ලකුණු 19 ක් ලබාගැනීමේ අභියෝගයක් පැවතුණි. ඒ වන විට නොදැවී පිටියේ හුන්  කමිඳු මෙන්ඩිස් ට පිළිගත් නිපන්දුව ගැන නොසලකා හරිමන් විනිසුරු ලින්ඩාල් හැනිබල් නිහඪ වතක් රැකීමෙන් බලවත් අසාධාරණයක් ශී ලංකා පිළට සිදු විය. අවසන් පන්දු වාරයේ හතර වැනි පන්දුව පන්දු යවන්නා එල්ල කළේ ෆුල්ටොස් එකක් ලෙසට යි. එය නිබන්දුවක් බව විනිසුරු නොසැලකිලිමත්ව හුන් නිසා තරගයේ ජය දැක දැක සිදුවූයේ ශ්‍රී ලාංකේය කණ්ඩායමට පරාජයේ වේදනාව දරා ගැනීට යි.