මහාචාර්ය ඇස්. පරණ විතාන

යාපනේ දිස්ත්‍රික්කයේ වඩමාරච්චි කොට්ඨාශයේ වල්ලිපුරම් ' නම් ගම වර්තමානයේ යාපනේ අර්ධද්වීපයේ හින්දු දෙමළ ජනයා වැඩි වශයෙන් වාසය කරන ස්ථානයක් ලෙස සැලකිය හැකිය. ලංකා ඉතිහාසයේ මුල් යුගය තුළ ලක්දිව වෙනත් පෙදෙස්වල මෙන්ම ඈත උතුරේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය පැතිරී පැවති බවට සාධක වශයෙන් දක්නට ඇති නටබුන් මෙහි දිස්වෙයි. මුහුදත් මෙම ගමත් අතර පිහිටි නිසරු වැලි බිම් තීරුව තුළ දිගින් සැතපුම් හතරක් හා පළලින් සැතපුමක් වූ භූමි භාගයක් තුළ පැරණි මනුෂ්‍ය වාසයක නටබුන් විසිරී පවතී. වරින්වර ගම්වාසීන් විසින් ගොඩනැගිලි අත්තිවාරම්, ගඩොල්, වළං කැබලි. කාසි ආදිය හාරා මතු කොට ගෙන ඇත. ගමේ විෂ්ණු කෝවිලට යාබද ඉඩමක තිබී මීට අවුරුදු කීපයකට පෙර සොයා ගන්නා ලද අමරාවතී සම්ප්‍රදායයට අනුකූල වූ ගලින් නෙළන ලද මනහර බුදු පිළිමයක් යාපනයට ගෙනෙනු ලැබ එහි පැරණි උද්‍යානයෙහි තැන්පත් කොට තිබිණි. ඉන් පසු 1906 වර්ෂයේ ශ්‍රීමත් හෙන්රි බෙල්ක් නම් ආණ්ඩුකාරයා මෙම බුදු පිළිමය සියම් රජුට ත්‍යාගයක් වශයෙන් පිරිනමා ඇත.
1936 වර්ෂයේ හෝ ඊට නුදුරු කාලයක මේ ලිපියට මුල් වූ අකුරු සහිත රන් පත සහ වෙනත් කුඩා පුරාවස්තු කිහිපයක් විෂ්ණු කෝවිලට අයත් භූමි භාගයෙහි පැරණි ගොඩනැගිල්ලක අත්තිවාරම තුළ තිබී සොයා ගන්නා ලදි. මෙම සොයාගැනීම සම්බන්ධයෙන් පුරා වස්තු ආඥාපනත යටතේ රජයේ බලධාරීන්ට දැන්වීමක් නොකරන ලද අතර මෙම රන්පත පරීක්ෂා කිරීම. ඡායාරූප ගත කිරීම හා මෙම සොයා ගැනීමට අදාළ විස්තර ආදියට ඉඩ ලබා දීම ගැන කොළඹ විශ්ව විද්‍යාල කොලිජියේ උපාධි අපේක්ෂක ඩබ්ලිව් රාහුල ස්වාමින්වහන්සේට අපි ණයගැති වෙමු. මෙම සිද්ධිය පිළිබඳව රජයේ නිසි බලධාරීන්ට දැන් දන්වා ඇති අතර මෙම අගනා පුරාවස්තුව මහජන ප්‍රදර්ශණයට කවදා හෝ තබනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු. මෙතෙක් ශ්‍රී ලංකාවේ දෙවන ශත වර්ෂය තරම් පැරණි යුගයකට අයත් ලිපියක් සහිත රන් පතක් සොයා ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඉතා තුනී වූ රන්පතෙහි එක් පැත්තක පමණක් අකුරු කොටා තිබේ. එහි දිග අඟල් 3 9/16 ක් වන අතර පළල අගලකි. බර ග්‍රේන්ස් 69 1/2 කි. රන් පතෙහි වම් පසෙහි අඟල් 5/8 ක පමණ තීරුවක් හැර ඉතිරි කොටසෙහි පළමු වන හා දෙවන පේළි අතර මැදින් සිද්ධ' යන මංගල වචනය කොටා ඇත. තුන්වන පෙළ සහ රන්පතෙහි පහත තීරුව අතර අක්ෂර හයක් සහිත සිව්වන පෙළ හකුළුවා ලියා ඇත. කාලය දැක්වීම සඳහා කෙටි හරස් ඉරක් දක්නට ලැබේ.
මෙම ලිපිය ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයට අයත් බ්‍රාහ්මී අක්ෂර වලින් ලියැවී ඇත. දිවයිනේ විවිධ පළාත් වලින් ලැබී ඇති මෙම යුගයට අයත් සෙල් ලිපි විශාල සංඛ්‍යාවක දැකිය හැකි අක්ෂර වලට සමාන අක්ෂර මෙහි දැකිය හැකි වේ. කෙසේ වුවද, මෙම රන්පත් ලිපියෙහි ඇති අක්ෂර වෙනත් සෙල්ලිපිවල අක්ෂර තරම් විධිමත් ස්වරූපයක් නොදක්වන අතර වැල් අකුරු වැනි ගතියක් ද පෙන්වයි.නිසැකයෙන්ම මෙයට හේතුව ලිවීම සඳහා යොදාගන්නා ලද ද්‍රව්‍යය (රත්පත් තහඩුව) විය හැකිය. උදාහරණයක් වශයෙන් 'අ' සහ 'ර' යන අක්ෂරයන්හි දික් අත ඉරි සහ මධ්‍ය උ' ස්වරය දක්වන රේඛාව වෙනත් සමකාලීන සෙල්ලිපි වල නොදක්නා පරිදි පහළ කොටසේදී වම්පසට රවුම් වී තවත් උඩු අතටත් ගමන් කොට ඇත. සිධ යන වචනයේ 'සි' අක්ෂරයේ වම්පස ඉර සුළු කෝණයක හැඩය දක්වයි. 'ධ' අක්ෂරයේ වම්පස ඉර මෙම යුගයේ සෙල්ලිපිවල දක්නට ලැබෙන ස්වරූපයට අනුව අර්ධ කවයක් විය යුතු වුවද සෑදී ඇත්තේ කර්ණාකාර ඉරි දෙකකින් නොසැලකිලිමත් ලෙස හරස් වූ රේඛා දෙකකිනි. පළමු වන සහ සතරවන පේළිවල අවසානයේ ඇති 'ත' අක්ෂරය කොකු හැඩය ගත් නමුත් තුන්වන පේළියෙහි ඇති එම අක්ෂරයම එම හැඩය ගෙන නැත. 'මෙ' අක්ෂරයේ (දෙවන පේළිය) වම් පස කර්ණාකාර ඉර දකුණු පස ඉරට වඩා උඩට ගෙන ගොස් ඇති අතර එම මුදුනේ දී සම්බන්ධ වී ඇති හරස් ඉර දකුණු පසට විහිද නොයයි. දෙවන පේළියේ අග දක්නට ලැබෙන 'නි' අක්ෂරයේ මුදුන් ඉර හරස් ආකාරයෙන් නොව කර්ණාකාරවද එහි ඇති 'ඉ' ස්වරය දක්වන සලකුණ රවුම් වී යන ආකාරයෙන් ද ලියා ඇත. මෙම යුගයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පරිදි 'න' අක්ෂරයේ දික් ඉර මේ යුගයේ කෙලින් ඉරක් වුවද තුන්වන පේළියේ 'නෙ අක්ෂරයෙහි වමට ඇලවී ගොස් ඇති අතර එහිම පදනම් රේඛාවට මැද දී එකතු නොවී වම් කෙළවරදී එකතු වේ. හි සංකේතයෙහි ම මුදුනෙහි ඇති කෙටි හරස් ඉර මධ්‍ය ‘එ' ස්වර සංකේතය සහ එකතු වී ඇති අතර කෙලින් ඉරෙහි දකුණට විහිද නොයයි. මෙය ද මෙම ලිපිය ඇති විවිධ වෙනස්කම් ද, ලිවීමේදී ඇති වූ වැල් අකුරු ලිවීමේ ස්වභාවය හේතු කොට ගෙන ඇති වූ බව කිව හැකිය.
මේ යුගයට අයත් වෙනත් සෙල්ලිපිවල ඇති ව්‍යාකරණ ලක්ෂණයන්ට සාමාන්‍ය වශයෙන් අනුකූල බවක් දරණ පැරණි සිංහල භාෂාව මෙම ලිපියෙහි දක්නට ලැබේ එසේ වුවද එක් වාක්‍යයකින් සමන්විත මුළු ලිපියේම නිවැරදි අර්ථ විවරණය රද පවත්නේ එක් වචනයක ඇති නියම ව්‍යාකරණ ලක්ෂණය නිශ්චය වශයෙන් හඳහා ගැනීම මත වෙයි. එනම් දෙවන පේළියෙහි ඇති බුජමෙනි' යන්න එහි ඇති විහක්ති ප්‍රත්‍යය ගැන නොසලකතොත් ' භුජ් ' ධාතුවෙන් නිපන් පාලි ‘භුඤ්ජමාන’ යන වර්තමාන කෘදන්ත රූපයට නිසැකයෙන්ම සමාන වේ. කෙසේ වුවද වචනයේ විභක්ති ප්‍රත්‍යය පිළිබඳව අවිනිශ්චිතතාවයක් රඳා පවතී. නකදිව බුජමෙනි’ යන්න අමෙ ඉසිගිරයෙ යන්නට විශේෂණ වූ වාක්‍යාංශයක් ලෙස සලකතොත් ද පසුව කියවෙන දෙපදය ප්‍රථමා විභක්ති ඒක වචන ලෙස ගත හොත් ද 'බුජමෙනි' යන්න ද සහිත විභක්ති (ප්‍රථමා විභක්ති) හා සමාන වචන (එක වචන) ගන්නා පදයක් ලෙස සැලකිය යුතුයි. 'ඉ' කාරාන්ත වූ ප්‍රථමා විභක්ති රූප මේ යුගයේ සිංහල භාෂාවේ විරල නොවේ. එහෙත් අප දන්නා තරමින් පූර්වාක්ෂරයෙහි අ ' කාරය එ කාර බවට පත් වූ අන් තැනක් හමු නොවේ.
මේ සඳහා දිය හැකි තවත් අර්ථ විවරණයක් නම් මහාචාර්ය ගයිගර් විසින් Gerund 1 යනුවෙන් හඳුන්වන ක්‍රියා රූපයන්හි (වර්තමාන කෘදන්ත) බෙහෙවින් දක්නට 'බුජමෙනි යන්නෙහි දක්නට තිබෙන බව කීම ය. මුලදී වර්තමාන කෘදන්තය සාදන ප්‍රත්‍යය වන 'මාන' යන්නෙහි වර්ධනයක් යයි සැලකූ මෙම ( මිත්) ප්‍රත්‍යයාත්තය මහාචාර්ය ගයිගර්ගේ මතය අනුව ම යන ක්‍රියා නාමයේ කතෘ විභක්ති රූපයෙන් යුක්ත වෙයි. ඇතැයි පෙන්වා දෙන මින් ප්‍රත්‍යයාන්තයේ මූලරූපය පිළිබිඹු කරන ලක්ෂණයක්. මෙම මතය අප විසින් පිළිගතහොත් බුජමෙනි යන්න බුජම යන්නෙහි කර්තෘ විභක්ති ඒක වචන රූපය ලෙසත් වර්තමාන සිංහල භාෂාවේ බුදිමින් යන්නට සමාන රූපය ලෙසත් සැලකීමට සිදුවේ. එහෙත් 'ම' කාරාත්ත ක්‍රියා නාම දෙවන ශත වර්ෂය තරම් ඈත කාලයක ව්‍යවහාර සිංහල භාෂාවේ නොදක්නා ලද බව කිව යුතුය. මෙම අර්ථ විවරණ දෙකෙන් ඕනෑම අර්ථ විවරණයක් පිළිගතහොත් වාක්‍යයේ 'අමෙතෙ ඉසිගිරයෙ' යන්න උක්ත වෙයි.
දියහැකි අනෙක් අර්ථ විවරණය වන්නේ බුජ මෙනි' යන්න ආධාර විභක්ති ඒක වචන ගන්නා හෙයින් අමෙතෙ ඉසිගරයෙ නකදිව බුජමෙනි යන වාක්‍යාංශය භාව ලක්ෂණයෙහි සත්තමී විභක්ති (ආධාර විභක්ති) යොගය අනුව ගොඩනැගී ඇති බව කීමයි. එවිට ඒ අනුව ලිපියෙහි දැක්වෙන මෙම (බුජමෙනි) රූපය පාලි තුඤ්ජමානෙ යකට සමාන වන අතර කීපන්න වූයේ ‘බුජමක' යන විල්ප රූපය ස්වර සම බවට පත්වීමෙන් ලැබූ බුමෙනෙ' යන රූපයෙහි අනන්‍ය ස්වරය වූ එ කාරය 'ඉ' කාර බවට පත්වීමෙනි. බුජමෙනි' යන්නේ මෙම අර්ථ විවරණය අනුව ‘අමෙතෙ’ හා ‘ඉසිගිරය' යන වචනද්වයම භාව ලක්ෂණයහි සපාෂී හක්ති (ආධාර විභක්ති) යාගයෙන් යෙදී ඇති බව කිව යුතු වේ. එසේම අශ්මත ඉසිගිරයෙ නකදීව බුජමෙකි' පාලියට නැගුවිට අමව ඉසිගිරයේ නාගදීපං භුඤ්ජමාතෙ වෙයි. මේ යුගයට අයත් ලෙඛනවල බොහෝ විට හමුවන ආධාර විභක්ති එකවචන ප්‍රත්‍යයාන්තය 'හි වේ. මෙතෙක් අප විසින් විමසුමට භාජනය කළ ආධාර විභක්තියෙහි යෙදුනු එවැනි වචන සියල්ල නපුංසක ලිංග වෙයි. එහෙත් මෙහිදී අප සිත් යොමු කොට ඇත්තේ ඉන් වෙනස් වූ ප්‍රත්‍යයාන්ත 'ඒ' කාරය යෙදිය යුතු පුරුෂලිංග වචන කෙරෙහි ය. 'එ කාරය සහිත ආධාර විභක්ති එකවචන රූපයක් නපුංසක ලිංගයෙහි පවා, නොදන්නා නොවේ. උදාහරණ වශයෙන් 11 සිරිතය මග් වෙස්සගිරිය ලිපියේ 'අතෙ' යන්න සැලකිය හැකිය. එහෙත් වත්මන් බසෙහි ආධාර විභක්ති එකවචන රූප සඳහා ‘එ' කාරය ප්‍රත්‍යයාන්තය වශයෙන් යෙදීම සුලභට දක්නා ලැබේ.
(තව කොටසක් නොවැම්බර් 7 වැනිදා
