උණුසුම් පුවත්

ව්‍යාජ ඔප්පුවක් හදා වාංචනික ලෙස දේපොළක් රුපියල් මිලියන 36 කට බදුදුන් සැකකරුවන් අධිකරණයට ගේන්නැයි නියෝගයක්

ගල්කිස්ස උසාවියෙන් වංචා විමර්ශන අංශයට කියයි

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36 ක මුදලක් වංචා කරන ලදැ යි කියන සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදි. 

එම නියෝගය අධිකරණයෙන්ම්බ පණවන ලද්දේ කොළඹ වංචා විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව යි.

මේ වාංචනික ක්‍රියාව කරන ලදැ යි කියැවෙන්නේ මෙරටේ වංචා දූෂණ අල්ලස් හා අනෙකුත් අක්‍රමිකතා දුරු කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කරන එක්තරා ප්‍රබල දේශපාලන පක්ෂයක විධායක සභිකයකු ඇතුළු කණ්ඩාමකි. මොවුන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ගෙන එන සේ කොළඹ වංචා විමර්ශන අංශයට අධිකරණයෙන් නියෝග පනවා ඇත.