ආර්ථිකඋණුසුම් පුවත්

ව්‍යාපාරිකයින්ට අපනයනය මගින් විදේශ විනිමය ඉපයීමේ නව දොරටු වි

දෑතින් නිමවූ අපේ ස්වර්ණාභරණ වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

 

 

 

 

 

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීති රීති සංශෝධනය කරමින් සහන හා බදු පැනවීම් ගැන යළි අවධානය යොමු කරන්න ජනාධිපතිතුමා සූදානම් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  අද (2024.06.29) පැල්මඩුල්ල සිල්වර් රේ හෝටලයේ දී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවැත්වූ “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය -2024” හී  ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් එසේ කී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

තේ, පොල්, රබර් වලටත් වඩා අපේ රට ප්‍රසිද්ධ උනේ මැණික්වලට. අතීතයේ අපේ රටේ මැණික් සම්බන්ධව විවිධ රටවල රජදරුවෝ, ව්‍යාපාරික වෙළෙන්දෝ අතර ප්‍රසිද්ධ වෙලා තිබුණා. අපේ  මැණික් වලට තිබුනේ පූජනීය උතුම් වටිනාකමක්. නමුත්, මැණික් නිසා අපේ රට අල්ලගන්න කවුරුත් ආවේ නෑ. අපිව ආක්‍රමණය කලේ වෙනත් දේ ලබා ගන්න. ඉන් පසුව අපේ රටේ ආර්ථිකය නංවන්න, විදේශ විනිමය උපයාගන්න, ප්‍රධාන අපනයන භෝග විදියට තේ, පොල්, රබර් දායක වුණා.  ගම් නියම් ගම් වෙනස් කරමින්, රටේ භූගෝල සිතියම වෙනස් කරමින් තේ, පොල්, රබර් වගා කළා. ශතවර්ෂ එකහමාරක් තිස්සේ අපි එය සිදුකරමින් සිටිනවා.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලයේ ඇඟලුම් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඇතිවුණා. ඒ පොල් රබර් වලට අතිරේකව අපට කතා කළ හැක්කේ ඒ පෙරළි දෙක ගැන පමණයි.  අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගවලට අලුත් දොරටු හරින්න වෙනවා. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට හොඳ අවස්ථාවක් තිබෙනවා. අපි පෙර කී දොරටු දෙකට වඩා අඩබරක් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දැම්මා නම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකියි.

මෙය රජයේ මඟ පෙන්වීම හා සහභාගිත්වයෙන් පෞද්ගලික අංශය ඉදිරියට ගෙන යන කර්මාන්තයක්. ඒ වගේම හොද අනාගතයක් ඇති, විවිධත්වයක් සහිත, විවිධ ක්ෂේත්‍රවල වටිනාකම් ඇති කිරීමට යොදාගත හැකි කර්මාන්තයක්.

මෙම කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ ක්ෂේත්‍රයට අදාළ නීති රීති සංශෝධනය කරමින් ක්ෂේත්‍රයට නැගී සිටින්න අවස්ථාව ඉල්ලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහන, බදු පැනවීම් ගැන යළි අවධානය යොමු කරන්න ජනාධිපතිතුමා සූදානම්. දෑතින් නිමවූ අපේ ස්වර්ණාභරණ වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අසල්වැසි රටවල් මේ වන විටත් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ඇවිත්. අද ලෝකය අප සමග ගනුදෙනු කරනවා කරනවා. ආර්ථික වර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම් හරහා මේ පරිවර්තනය සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තය නංවන්න රජයේ සහාය දෙනවා

රත්නපුර කිව්වම ප්‍රසිද්ධ මැණික් වලටයි ගංවතුරටයි. ගංවතුර කාලෙට මහජනතාව වගේම මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයත් මොනවා කරන්නද. ඒ ගැන සුවිශේෂ අවධානයක් යොමු කරලා නව වැඩපිළිවෙළකට අවතීර්ණය යොමුවිය යුතුයි.

ප්‍රදර්ශන කුටි 80 කින් සමන්විත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා චීනය, ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල විදේශ දූත පිරිස් සහ සාමාජික ප්‍රජාවද එක්ව සිටියහ. 

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන  යාපා, යදාමිණී ගුණවර්ධන, මර්ජාන් ෆලීඩ්, වරුණ ලියනගේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, කර්මාන්ත අමාත්‍යංශ ලේකම්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.