හරිනි අබිබවා විජිත ඉදිරියට
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ මනාප ඡන්ද 716,715 ක් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාට පුජා කරති. ලාංකේය දේශපාලන ඉතිහාසයේ මෙවන් වාර්තාවකට හිමිකම ලද විජිත හේරත් මහතා අගමැතිනියට වඩා වැඩි මනාප 61426 ක් ලැබ ඇග් වාර්තාව බිඳ හෙළීම ද එක්තරා අයුරකින් ඊයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආශ්වාදජනක කදිම සංසිද්ධියක් සේ පොදු ජනයා දකී.
මීට පැය කිහිපයකට පෙර එම වාර්තාව හිමිකර ගෙන හුන්නේ මනාප 655,289 ක් තම ගිණුමට බැරකර ගෙන හුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය යි. ඒ ඇය කොළඹදී දිස්ත්ත්රික්ක ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායිකාව හැටියට තරග කරමිනි.