උණුසුම් පුවත්

වැඩිහිටි දීමනාව නතර කර නෑ. පළවන වාර්තා අසත්‍යයි

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518 කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර තිබේ. තාක්ෂණික ගැටලු හේතුවෙන්  එම  ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

එසේම ජුනි මාසයට අදාළ දීමනාව ද එම මාසයේම ගෙවීමට කටයුතු කරනු ලැබේ.

අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී. 

එහිදී අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70 ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.